gossiplanka alexa එංගලන්ත සුද්දන්ට වඩා ආසියාතිකයන්ට මරු කැදවන කොරෝනා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එංගලන්ත සුද්දන්ට වඩා ආසියාතිකයන්ට මරු කැදවන කොරෝනා

කොරෝනා වසංගතය නිසා එංගලන්තයේ ජීවත් වන සුදු ජාතිකයින්ට වඩා කළු ජාතිකයින් සහ ආසියාතිකයින් දෙගුණයකින් මිය යන බවට එරට “ජාතික සංගණන කාර්යාලයේ” නවතම දත්ත වාර්ථාවක් සනාථ කර තිබේ.

වයස, ආර්ථිකය සහ ආබාධිත භාවය වැනි අංශ කෙරෙහි මෙම වාර්ථාවෙන් අවධානය යොමුකර තිබූ අතර වෛරසය වැළදෙන සුදු ජාතික පිරිමි සහ කාන්තාවන්ට වඩා කළු ජාතිකයින්ගේ මිය යාම ඒකක 1.9 කින් ඉහළ බව එම දත්ත තහවුරු කර ඇත.

එමෙන්ම එංගලන්ත ජාතික සංගණන කාර්යාලයේ දත්ත සටහන් තුළ Covid-19 නිසා මිය යන පිරිමි සම්බන්ධයෙන් වෙනම වර්ගීකරණයක් ද දැක්වේ.

එම දත්ත අනූවද ‘සුදු’ ජාතික පිරිමින්ට වඩා බංග්ලාදේශ, සහ පකිස්ථාන ජනවාර්ගික කණ්ඩායම් වලට අයත් පිරිමින් වැඩි වශ්‍යෙන් මිය යන අතර එහි සම්භාවිතාව 1.8 ඉහල අගයකි.

එම දත්ත සටහනේ කාන්තාවන් සැළකීමේදී ද සුදු ජාතීන්ට වඩා කළු ජාතිකයින් මිය යාම ඒකක 1.6 කින් ඉහළ වේ.

මෙහි තවත් සුවිශේෂී කරුණු කිහිපයක් අන්තර්ගතය.

මීට අමතරව වයස පමණක් සැලකීමේදී Covid-19 වැළදී මිය යන කළු ජාතික පිරිමි සහ කාන්තාවන්, සුදු ජාතික කාන්තාවන් සහ පිරිමින්ට සාපේක්ෂව සිව් ගුණයකි.

විශේෂයෙන්ම Covid-19 මරණ අනුපාතික තුළින් ජනවාර්ගික කණ්ඩායම් අතර පවතින සමාජ ආර්ථික විශමතාව සහ තවත් විෂම තත්වයන් ගැන ද සාමාන්‍ය පැහැදිළිකිරීමක් වේ.

ඒ අනූව තවදුරටත් බංග්ලාදේශ, පකිස්ථාන, ඉන්දියානු මෙන්ම මිශ්‍ර ජනවාර්ගික කණ්ඩායම්වලට අයත් පුද්ගලයින් Covid-19 නිසා මිය යාම වාර්ථාගත අයුරින් ඉහල යමින් පවතින බවද එහි දැක් වේ.

මේ අතර කොරෝනා වසංගතය හේතුවෙන් එක්සත් රාජධානිය පුරා සිදුව ඇති සෞඛ්‍ය අසමානතාව නරක අතට හැරෙමින් පවතින බව ද මින් අවධානයට ලක්කර තිබේ.

මේ අතර එංගලන්ත විපක්ශය වන කම්කරු පක්ශයේ ඡායා කැබිනට්ටුවේ සෞඛ්‍ය ලේකම් ජොනතන් ඇෂ්වර්ත් රජයෙන් ඉල්ලා සිටිනුයේ රටේ අඩු සම්පත් ලාභී ප්‍රදේශ ඉලක්ක කරගනිමින් වෛරසය පාලනය කිරීමට
වැඩි උත්සහයක් දරණ ලෙසය.

“Joseph Rowntree” පදනමේ ක්‍රියාකාරිනී හෙලන් බර්නාඩ් පවසන්නේ “සියල්ලන්ම එකම කුණාටුවකට මුහුණදී ඇතැත් සියල්ලන්ම එකම බෝට්ටුවක නොසිටින බව” මේ දත්ත මගින් තහවුරු වන බවය.

කළු ජාතිකයින් මෙන්ම සුළු ජාතික ප්‍රජාව රටේ දිළිදු පළාත්වළ දිවි ගෙවන අතර ඔවුන් අඩු වැටුපක් ලබන එංගලන්ත වාසීන් වේ.

මේ හේතුව නිසා ඔවුන්ට සිය වාසස්ථාන වල සිට රැකියාව කළ නොහැකි අතර මේ තත්වය කොරෝනා වෛරසය පාලනය කිරීම අසීරු වීමට හේතුවක් බවද එංගලන්ත ජාතික සංගණන කාර්යාලය පෙන්වා දෙයි.

එමෙන්ම කලුජාතික,ආසියාතික මෙන්ම සුළු ජාතික ප්‍රජාව වැඩි පිරිස පොකුරු ලෙස තනි නිවාස තුළ දිවි ගෙවීම ඔවුන් අතර අවධානම ඉහළයාමට හේතුව වී තිබේ.

රැකියා අනූව මෙම වෛරසය ව්‍යාප්තවීම කෙරෙහිද එංගලන්ත ජාතික සංගණන කාර්යාලයේ අවධානය යොමුව ඇත.

එංගලන්තයේ බොහෝ රැකියා සැළකීමේදී බංග්ලාදේශ මෙන්ම පාකිස්ථාන ජාතිකයින් වැඩි වශයෙන් ප්‍රවාහන සේවා ආශ්‍රිත රැකියාවන් හී නිරතවේ.

මේ තත්වයද වසංගතය ඔවුන් අතර පැතිරයාම වර්ධනය වීමට බොහෝසෙයින් හේතුවක් ව ඇතැයි එංගලන්ත ජාතික සංගණන කාර්යාලය තහවුරු කර තිබේ.

ඒ අනූව ඉදිරියේදී එක් එක් රැකියා ආශ්‍රිතව වෛරසය පැතිරයාම සම්බන්ධයෙන් අධ්‍යනය කිරීමට ද එම කාර්යාලය කටයුතු කරණු ලැබේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu