gossiplanka alexa විශේෂ ගැසට් පත්‍රයකින් හෙට ඉඳන් කෙළ ගැසීම තහනම් කිරීමට යයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විශේෂ ගැසට් පත්‍රයකින් හෙට ඉඳන් කෙළ ගැසීම තහනම් කිරීමට යයි

කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්පූර්ණයෙන් පාලනය කරන තුරු අවස්ථානුකූලව නියෝග පැනවීම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ට තවදුරටත් බලාත්මක කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය අති විශේෂ ගැසට් නිවේදනයක් අද (10) රාත්‍රීයේදී නිකුත් කිරීමට නියමිතයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළේ සඳුදා සිට බලපැවැත්වෙන පරිදි රට විවෘත කිරීමෙන් පසු රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සහ ජනතාවගේ සනීපාරක්ෂක කටයුතුවලට බලපාන රෙගුලාසි එම ගැසට් නිවේදනයට ඇතුළත් බවයි.

රෝග හා නිරෝධායනය වැළැක්වීමේ පනත යටතේ මෙම රෙගුලාසි පනවනු ලබන අතර එම ගැසට් නිවේදනය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ අත්සනින් නිකුත් කිරීමට නියමිතයි.

කෙළ ගැසීම, බුලත් කෙළ ගැසීම පාලනය කිරීම, රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සිටිය යුතු උපරිම සංඛ්‍යාව වැනි කරුණු සඳහා ද මෙම ගැසට් නිවේදනයෙන් රෙගුලාසි ඇතුළත් වනවා.

මේ අතර රෝග සහ නිරෝධායනය වැළැක්වීමේ පනත යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය ගැසට් කර ඇති සෞඛ්‍ය සිරිත් පිළිබඳව ඉදිරි දෙසතිය තුළ ජනතාව දැනුවත් කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා.

මෙම සෞඛ්‍ය සිරිත් උල්ලංඝනය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා බවයි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ ප්‍රකාශ කළේ.

නිරෝධායන නීති මත රට විවෘත කිරීම, කාර්යාල, ඖෂධ හල් සහ කර්මාන්ත, වෙළෙඳසල් විවෘත කිරීම මෙහි දී සිදුවනවා.

මෙම කාලය තුළදීද රැකියා සඳහා අවසර හිමි අයට පමණක් සේවා ස්ථාන සඳහා ගමන් කළ හැකියි.

වෙනත් සාමාන්‍ය වැසියන් ජාතික හැඳුනුම්පතේ අංක භාවිත කරමින් ළඟම පිහිටි වෙළෙඳසලට හෝ ෆාමසියට පමණක් ගමන් කළ හැකි වන අතර මෙම නීතිරීති බස්නාහිර පළාත් සහ පුත්තලම දිස්ත්‍රික්කයට පමණක් වලංගු වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu