gossiplanka alexa මහ මැතිවරණය පවත්වනවා ද නැද්ද ? මැතිවරණ කොමිෂන් සභාවෙන් ජනාධිපතිවරයාට ලිපියක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මහ මැතිවරණය පවත්වනවා ද නැද්ද ? මැතිවරණ කොමිෂන් සභාවෙන් ජනාධිපතිවරයාට ලිපියක්

gossip about general election
වතින කොරෝවා වයිරස් තත්වය හේතුවෙන් මේ මස 25 වන දිනට පැවැත්වීමට නියමිතව තිබූ මහ මැතිවරණය එදිනට පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසම ඉකුත් දා ප්‍රකාශයක් නිකුත් කළා. එය පැවැත්විය හැක්කේ බොහෝ විට මැයි මස 14 වෙනිදායින් පසුව බවත් එම කොමිසම නිවේදනය කළා. කෙසේ වෙතත් පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස 03කට පෙර දිනයක පාර්ලිමේන්තුව රැස්වන දිනය ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයකින් ප‍්‍රකාශයට පත් කළ යුතු වනවා. 

ඒ අනුව නව පාර්ලිමේන්තුව නැවත ‍රැස්වීම ජූනි මස 01 වැනිදා ‍රැස් විය යුතුවනවා. එම නිසා මැයි මස 27 හෝ 28 යන දින වල මැත්වරණය පැවැත්විය යුතු වනවා.  එසේ එම දිනයන් හිදී මැතිවරණය පැවැත්වීමට නම් ලබන 20 වැනිදා හෝ නිලධාරීන් මැතිවරන කටයුතු ආරම්භ කළ යුතු වනවා.

මේ සියළු කරුණු දන්වා මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. එම ලිපියෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ මැතිවරණය සහ යළි පාර්ලිමේන්තුව කැඳවීම පිළිබඳ පවතින ගැටළු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීම සුදුසු බවයි. 

කොරෝනා වෛරසය පිළිබඳ විශේෂඥයින්ගේ මත අනුව මෙම වෛරසය සම්පූර්ණයෙන් පාලනය කිරීමට අප්‍රේල් මස වන විටත් හැකියාවක් නොලැබෙනු ඇති බව එම ලිපියේ තව දුරටත් පැහැදිලි කර තිබෙනවා. එම නිසා මාස 03ක් ඇතුලත නව පාර්ලිමේන්තුවක් ‍රැස්විය නොහැකි බැවින් මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සුදුසු බව එම ලිපියේ දන්වා තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu