gossiplanka alexa කොරෝනා වෛරසය අලුත්ම ආකාරයකින් වැළදෙන බවට වෛද්‍ය කණ්ඩායමකින් සොයාගනී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා වෛරසය අලුත්ම ආකාරයකින් වැළදෙන බවට වෛද්‍ය කණ්ඩායමකින් සොයාගනී

කොරෝනා වෛරසය දරුණු රෝගවලින් පෙළෙන රෝගීන්ගේ සිරුර තුළ සති තුනක කාලයක් පවතින බව පරේයේෂණයකින් අනාවරණය තිබෙනවා.

චීනයේ ෂෙජීයැන් ප්‍රාන්ත රෝහලක වෛද්‍ය පර්යේෂක කණ්ඩායමක් විසින් මෙම පරේයේෂණය සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙවැනි රෝගීන්ගේ පෙණහළුවල මෙන්ම මළපහ තුළ ගැඹුරෙන් කොරෝනා වෛරසය සොයා ගත හැකි බවත් එය පවතින තාක් ඔවුන් රෝගීන්ව සිටින බවයි සඳහන් වන්නේ.

එම පර්යේෂකයින් පවසන්නේ දරුණු රෝග ලක්ෂණ සහිතව රෝගීන්ගේ රුධිරය තුළ වෛරසය සොයා ගත හැකි වන්නේ කලාතුරකින් වන අතර රෝගීන්ගේ මුත්‍රා සාම්පලයක් මගින් ඔවුන්ට වෛරසය ඇති බවට අනාවරණය වී ඇත්තේ අඩකට සමාන අවස්ථාවලදී පමණක් බවයි.

චීනයේ වෛද්‍ය පර්යේෂක කණ්ඩායම මෙම පරේෂණයෙන් මගින් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් තවත් ප්‍රබල සාක්ෂියක් සොයා ගැනීමට සමත්ව තිබෙනවා.

එනම් වෛරසයේ රෝග රටාව පිළිබඳ සලකා බලන විට වෙනස්කම් බවයි එම වෛද්‍ය කණ්ඩායම පෙන්වා දෙන්නේ.

මේ වසරේ ජනවාරි මාසයේ සිට මාර්තු මස දක්වා කාලය තුළ රෝගීන් 96ක් යොදාගෙන මෙම පරීක්ෂණය සිදු කර ඇති අතර එහිදී රෝගීන්ගේ උගුර, නාසය, ශ්වසන පද්ධතිය, මළපහ සහ මුත්‍රා සාම්පල් පරීක්ෂාවන් සිදු කර තිබෙනවා.

පරේෂණ කණ්ඩායම මෙහිදී වෛරසය කොපමණ කාලයක් මිනිස් සිරුරේ පැවැතිය හැකිද සහ එහි ව්‍යාප්තිය සිදුවන ආකාරය පිළිබඳව අධ්‍යනය කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී අනාවරණය වී ඇති ප්‍රබල කරුණක් ලෙස වන්නේ රෝගීන් පුද්ගලයින්ගේ මළපහ මඟින් වෙනත් නිරෝගී පුද්ගලයෙකුට වුවත් ව්‍යාප්ත විය හැකි බවයි.

මේ අතර මෙම පරේෂණයේදී හෙළි වී ඇති තවත් කරුණක් වන්නේ කාන්තාවකට වඩා වැඩි කාලයක් පිරිමි පුද්ගලයින්ගේ ශරීරය තුළ කොරෝනා වෛරසය පවතින බවයි වාර්තා වන්නේ.

එහිදී කාන්තාවන් සහ පිරිම් පුද්ගලයින්ගේ ප්‍රතිශක්තිකරණ තත්වයේ ඇති වන වෙනස්කම් මෙන්ම හෝමෝන මට්ටමද බලපාන බවටයි අනාවරණය වී ඇත්තේ.

කොරෝනා රෝගය වැළඳුණු දරුණු රෝගීන්ගේ ශ්වසන පද්ධතියේ ගැඹුරුම කොටසේ පවතින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu