gossiplanka alexa ජංගම වෙළඳුන් හරහා කොරෝනා වැළඳීමේ අවධානමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජංගම වෙළඳුන් හරහා කොරෝනා වැළඳීමේ අවධානමක්

මේ වන විට ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල වෙළදාමේ කටයුතු සෞඛ්‍ය ආරක්ෂිතව සිදු නොවීම හේතුවෙන් සාමාන්‍ය ජනතාවට කොරෝනා ව්‍යාප්ත වීමේ අවධානමක් ඇතිව තිබෙනවා.

පොලීසිය පවසන්නේ බේකරි නිෂ්පාදන, මාළු, පළතුරු, එළවළු වෙනත් ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම වෙනුවෙන් අවසර ලබාදී ඇති වෙළඳුන් සහ ආයතන සඳහා තම ජංගම වෙළඳාමේ කටයුතු කිරීම සඳහා උපදෙස් මාලාවක් හඳුන්වා දී ඇති බවයි.

පිරිසුදු ඇඳුමින් සැරසී සිටීම
පා වැසෙන පරිදි සපත්තු හෝ සුදුසු පාවහන් පැළඳීම
වෙළද කටයුතු සිදුකරන අවස්ථාවේ මුඛ ආවරණ සහ අත් ආවරණ පැළඳීම
විෂබීජ නාශක දියර භාවිත කිරීම
බේකරි නිෂ්පාදන හෝ පිසූ ආහාර ආදිය අලෙවි කරන්නේ නම් ඒවා අතින් ඇල්ලීම නොකර පාරිභෝගිකයින්ට ලබාදීම සඳහා අවශ්‍ය උපකරණ භාවිත කිරීම
ආහාර සහ භාණ්ඩ අලෙවි කිරීමේදී කඩදාසි හෝ වෙනත් ආවරණ තුළට දමා දීම
මුදල් ස්පර්ශ කිරීමෙන් පසු යළි ආහාර ද්‍රව්‍ය හා භාණ්ඩ ස්පර්ශ කිරීමෙන් වැළකීම
ජනතාව අතර මීටරයක දුරක් පවත්වා ගැනීම

මෙම උපදෙස් පිළිනොපදින වෙළඳුන්ගේ වෙළඳ බලපත්‍ර අහෝසි කරන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu