gossiplanka alexa එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත අහමඩ් ෂහීඩ්ගෙන් මළසිරුරු ආදාහනය පිළිබඳව ජනාධිපතිවරයාට ලිපියක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත අහමඩ් ෂහීඩ්ගෙන් මළසිරුරු ආදාහනය පිළිබඳව ජනාධිපතිවරයාට ලිපියක්

lanka gossip news
ක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආගමික හෝ විශ්වාසයේ නිදහස පිළිබඳ විශේෂ නියෝජිත අහමඩ් ෂහීඩ්, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටින්නේ නව කොරෝනා වෛරසයෙන් මිය ගිය පුද්ගලයින්ගේ මළ සිරුරු සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදු කිරීමේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසයි. 

එම ලිපියෙන් ඔහු අනතුරු අඟවා ඇත්තේ තම සමීපතමයින්ගේ අවසන් කටයුතු චාරිත්‍රයක් පවා ඉ‍ටු නොකරමින් සිදු කිරීමට ඇති බිය නිසා වෛරසය සඟවාගෙන සිටීමට මිනිසුන් පෙළඹෙනු ඇති බවයි. 

එසේම විවිධ ප්‍රජාවන්ට අයත් පුද්ගලයන්ගේ මානව හිමිකම්වලට ගරු කිරීම උත්සාහ කරන ලෙසත් ප්‍රජාවන් අතර ආතතිය ඇති කරවන ක්‍රියාවලින් වැළකී සිටීමට කටයුතු කරන ලෙසත් එම ලිපියෙන් ඉල්ලා සිටිනවා. 

ආදාහනයට අදාළ පියවරයන් සංශෝධනය කරන ලෙසත් ඒ සඳහා ජනවාර්ගික හා ආගමික ප්‍රජාවන් සහ සෞඛ්‍ය විශේෂඥයන් සමග සාකච්ඡා කරන ලෙසත් තවදුරටත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu