gossiplanka alexa ලෝක සෞඛය සංවිධානයට ලබා දෙන ආධාර අත් හි‍ටුවීමට අමෙරිකාවෙන් තීරණයක් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලෝක සෞඛය සංවිධානයට ලබා දෙන ආධාර අත් හි‍ටුවීමට අමෙරිකාවෙන් තීරණයක් ?

world gossip
ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට පක්ෂපාතී වෙමින් තොරතුරු වසන්කරන බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වෛරසය ව්‍යාප්තිය සම්බන්ධයෙන් බොහෝ කරුණු සඟවා ඇති බවයි අමෙර්කා ජනාධිපතිවරයා චෝදනා කරන්නේ. 

චීනයේ කොරෝනා වෛරසය පැතිර යාම සීඝ්‍රයෙන් සිදු වෙද්දී චීනයට සංචාරක තහනමක් පැනවීම අවශ්‍ය වුවත් ලෝක සෞඛ්‍ය සංවිධානය එය අත්‍යාවශ්‍ය නොවන බවට මුල සිටම ප්‍රකාශ කර සිටියා. ලෝක සෞඛ්‍ය සංවිධානය ඉතා මිලේච්ජ ලෙස ක්‍රියා කර ඇති බවයි ඩෝනල්ඩ් ට්‍රම්ප්ගේ අදහස.

මේ හේතුව නිසාම ලෝක සෞඛ්‍ය සංවිධානයට අමෙරිකාව විසින් ලබා දෙන විශාල ආධාර ප්‍රමාණය අත් හි‍ටුවීමට පියවර ගන්නා බව අමෙරිකා ජනාධිපතිවරයා අනතුරු අඟවා සිටිනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයට බොහෝ කරුණු දැන සිටියත් අවශ්‍ය මොහොතේ දී නිසි ලෙස ක්‍රියා නොකළ බවයි ජනාධිපතිවරයා කියා සිටින්නේ. 

ලෝක සෞඛ්‍ය සංවිධානයට වැඩිම ආධාර මුදල් ප්‍රමාණයක් ලබා දෙන්නේ අමෙරිකාවයි. පසුගිය ජනවාරි 31 වනදා අමෙරිකාව චීනයට එරෙහිව සංචාරක තහනමක් පනවනු ලැබුවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙබරවාරි 03 වනදා කියා සිටියේ එසේ තහනමක් පැනවීම අවශ්‍ය නොවන බවයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu