gossiplanka alexa කොළඹ අවධානම් කලාපයේ සිටි 7ක් යාපනයට පනී - රියදුරු සහ රිය සහයක සොයා පරීක්ෂණ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොළඹ අවධානම් කලාපයේ සිටි 7ක් යාපනයට පනී - රියදුරු සහ රිය සහයක සොයා පරීක්ෂණ

කොරෝනා වෛරසය හේතුවෙන් අධි අවධානම් කලාප ලෙස නම් කර ඇති කොළඹ ප්‍රදේශයේ සිටි පුද්ගලයින් 07 දෙනෙක් කිසිඳු දැනුම් දීමකින් හෝ කිසිඳු අවසරයක් නොමැතිව යාපනය වෙත පැමිණ ඇති බව වාර්තා වනවා.

යාපනය ආරක්ෂක අංශ පවසන්නේ ඔවුන් ලොරි රථවල නැගී අවසරයකින් තොරව යාපනය වෙත පැමිණ ඇති බවයි.


මේ වන විට එම පිරිස යාපනයට රැගෙන ගිය ලොරි රථ රියදුරු සහ රිය සහයක පොලිස් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙම පිරිස යාපනයේ යාපනය ගුරුනගර්, පාසෙයූර්, නාවට්කුලි, තෙලිප්පලෙයි, තොල්පුරම් හා සංකානෙයි ආදි ප්‍රදේශයන් වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර අදාළ පුද්ගලයින් 07 දෙනා ඊයේ සවස ආරක්ෂක අංශ හඳුනාගෙන ඇති අතර ඔවුන් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu