gossiplanka alexa ජීවිත ගැන නොතකමින් කොරෝනා අස්සේ මැතිවරණය පවත්වන්නේ ඇයි ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජීවිත ගැන නොතකමින් කොරෝනා අස්සේ මැතිවරණය පවත්වන්නේ ඇයි ?

කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානම වැඩි වෙම්න් පවතින කාලයක පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම ගැන බොහෝ දෙනා තම නොසතුට පළ කර තිබෙනව අයුරු දක්නට ලැබුණා. එසේ කිරීමට හේතු පහදා දෙමින් අතිගරු ජනාධිපතිතුමා ඊයේ විශේෂ ප්‍රකාශයක් නිකුත් කළා.

ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමේ අසීරුතාවය එහිදී පැහැදිලි කෙරුණා. 

රජයක් වශයෙන් රටේ ජන ජීවිතය පවත්වාගෙන යාම අපේ මූලික වගකීමයි. ජනතාවගේ විවිධ අවශ්‍යතා ඉටුකිරීමට රජය මැදිහත් විය යුතුයි.

රටේ සමහර පලාත්වල මේ වන විට නියඟයක් පවතිනවා. ඒ පලාත්වල ජනතාවට අපි පානීය ජලය ලබා දිය යුතුයි. සමහර පලාත්වල යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීමට මඩ පොහොර ලබා දිය යුතුයි. තවත් පලාත්වල අස්වැන්න නෙලන නිසා රජය වී මිලදී ගැනීමට කටයුතු කළ යුතුයි. එලවළු වෙලාවට මිළදී ගත්තේ නැත්නම් එලවළු ගොවියන් අසීරුවට පත් වනවා. ඒ වගේම එලවළු අඛණ්ඩව වෙළඳ පොලට ගෙන ඒමත් අවශ්‍යයි. ඒ වගේම ජීවන වියදම අපි පාලනය කල යුතුයි

රාජ්‍ය නිලධාරීන් රාජකාරි වල යෙදුනේ නැත්නම් මේ සියල්ල අඩාල වෙනවා. අප තීරණ ගත යුත්තේ සමස්තය දෙස බලායි. නොවැම්බර් 16 වනදා අප ලද ජයග්‍රහණයෙන් පසු අපට පිහිටුවන්නට හැකි වූයේ සුලුතර රජයක්. මා බලයට පත්වන විට පසුගිය ආණ්ඩුව විසින් අයවැයක් සම්මත කොට තිබුනේ නැහැ. රට පවත්වාගෙන ගියේ අතුරු සම්මත ගිණුමකිනි.

බොහෝ අත්‍යවශ්‍ය ගෙවීම් සඳහා මුදල් අනුමත කොට තිබුනේ නැහැ. පොහොර සඳහා , බෙහෙත් සඳහා, ආහාර සැපයුම් කරුවන් සඳහා, ඉදිකිරීම් කරුවන් සඳහා මුදල් ගෙවා තිබුනේ නැහැ. අපි මේවා සඳහා අතුරු සම්මත ගිණුමක් සම්මත කරගන්නට උත්සහ කළා. එයට විපක්ෂයේ සහාය ලබුණේ නැහැ. මේ තත්වය යටතේ මා ඔබට පොරොන්දු වූ වගකීම් ඉටුකිරීමට පුලුවන් කමක් තිබුනේ නැහැ. සුලුතර ආණ්ඩුවකට මේ මුදල් පාර්ලිමේන්තුව තුල අනුමත කරගන්නට බැහැ.

ඒ නිසා තමයි මට ලැබුණු පලමු අවස්ථාවෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැර ස්ථාවර නව රජයක් පිහිටුවා ගැනීමට මැතිවරණයක් කැඳවනු ලැබුවේ. පාර්ලිමේන්තුව විසිරවීමත් සමග ව්‍යවස්ථාවෙන් ලැබුන බලතල අනුව මා අතුරු සම්මත ගිණුමක් අනුමත කලා. ඒ අනුව අත්‍යාවශ්‍ය වියදම් සඳහා මුදල් ගෙවීම ආරම්භ කළා. වත්මන් ආපදා තත්වයට මුහුණ දීමටත් අපට හැකි වුනේ ඒ නිසායි.

නමුත් මැතිවරණයක් පවත්වා අලුත් ස්ථාවර රජයක් ස්ථාපිත කොට නව අයවැයක් සම්මත කොට සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මා ඔබට පොරොන්දු වූ පරිදි, සහන ලබා දීම රැකියා ලබාදීම කෘෂිකර්මය නගා සිටවීම ඇතුළු සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කල යුතුයි.
ඒ සඳහා පරිණත දේශපාලනඥයෙක් වූ, ජනතා ජනාදරයට පත්වූ මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ නායකත්වයෙන් ප්‍රබල රජයක් බිහිකිරීමට මා වටා එක්වන ලෙස මා ඉල්ලා සිටිනවා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu