gossiplanka alexa ගර්භණී කාන්තාවක් නිසා පානදුර ප්‍රදේශය අනතුරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගර්භණී කාන්තාවක් නිසා පානදුර ප්‍රදේශය අනතුරේ

පානදුර ප්‍රදේශයේ එක්තරා ගර්භණී කාන්තාවක් පදිංචි නිවසකට විදෙස් ගත ඥාතීන් පිරිසක් පැමිණ නැවත පිටත්ව ගොස් ඇති බව ආරංචි වීමත් සමඟම එම ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් එම කාන්තාවගේ නිවසට ගොස් දැනුම් දී ඇත්තේ දින 14ක් ස්වයං නිරෝධායනයට ලක් වන ලෙසයි.
 
නමුත් එම නිලධාරීන්ගේ උපදෙස් නොතකා මෙම කාන්තාව නිවසින් බැහැරව ස්ථාන කිහිපයකට ගොස් ඇති අතර පානදුර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක මාතෘ සායනයකට ද එක්ව තිබෙනවා. 

එම අවස්ථාවේ දී ද ඇයගේ සත්‍ය තත්ත්වය රෝහලට වසන් කර ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් පසුව මෙම කාන්තාවට කොරෝනා වෛරස් රෝගී ලක්ෂණ මතු වීමත් සමඟම ඇය රෝහලට ඇතුළත් කර තිබෙනවා. එහිදී සිදු කළ පරීක්ෂාවලදී ඇයට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි තහවුරු කරගෙන ඇත්තේ. 

එම තහවුරු කර ගැනීමත් සමඟම ඇය මාතෘ සායනයට සහභාගී වූ පෞද්ගලික රෝහල මුද්‍රා තැබීමට පොලීසිය විසින් කටයුතු කර ඇති අතර එහි කාර්ය මණ්ඩලයට ද ස්වයං නිරෝධායනයට ලක් වන ලෙස උපදෙස් දී තිබෙනවා. 

මෙම මාරාන්තික වෛරසය හේතුවෙන් රටට බරපතල තත්ත්වයක් උදා වී ඇති මොහොතක වගකීමෙන් තොරව කටයුතු කරන මෙවැනි පුද්ගලයින් රට කොතරම් අනතුරට පත් කරනවා ද? සියළු දෙනාම උපදෙස් පිළිපැඳ රට ගැන සිතා කටයුතු කිරීම අප සතු වගකීම නොවන්නේ ද? 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu