gossiplanka alexa ඉදිරි දින 10 තුළ ශ්‍රී ලංකාවට කුමක් සිදු වේවිද?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉදිරි දින 10 තුළ ශ්‍රී ලංකාවට කුමක් සිදු වේවිද?

දිරි දින 10 ලංකාවට තීරණාත්මක විය හැකි බව වාර්තාවනවා. පවතින තත්ත්වයේ බැරෑරුම්කම නිසි ලෙස අවබෝධ කරගෙන රජය විසින් ලබා දෙන උපදෙස් පිළිනොපැද්දොත් අප්‍රේල් 07 වනදාට පෙර ශ්‍රී ලංකාවේ කොරෝනා අධි වසංගත තත්ත්වයකැති විය හැකි බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.

මේ වන විට නිරෝධායන ක්‍රියාවලියට පුද්ගලයින් 23,000ක පිරිසක් නිරත වන අතර ඔවුන්ගේ තත්ත්වය ඉදිරි කාලයේ දී දැනගැනීමට හැකි වනු ඇති. ඒ අනුව රටේ ඉදිරි දින දහය රටට තීරණාත්මක බවයි තොරතුරු අනාවරණය වන්නේ. 

බුද්ධි අංශ වාර්තාවලට අනුව දැනට පුද්ගලයින් එක් ‍රැස් වූ ස්ථාන ත්නක් පිළිබඳ දැඩි අවධානය යොමුව පවතිනවා.
  • කොළඹ රාජකීය සහා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල අතර පැවැති මහා ක්‍රිකට් තරගය - මාර්තු 12වනදා සිට 14වනදා දක්වා
  • කොළඹ ජාමි-උල්-අල්ෆාර් ඉස්ලාම් දේවස්ථානයේ  පැවැති යාඥා මෙහෙය - මාර්තු 13 වනදා
  • යාපනයේ අරියාලෙයි හි ෆිලඩෙල්ෆියා දේවස්ථානයේ පැවැති දේව මෙහෙය -  මාර්තු මස 15වනදා
  • කොළඹ රතු පල්ලියේ පැවති දේව මෙහෙය - මාර්තු 28 

මෙම ස්ථානවලට පැමිණි කිසියම් පුද්ගලයෙකුට කොරෝනා ආසාදිත නම් එහි රෝග ලක්ෂණ පෙන්නුම් කරන අවසන් දිනයන් වන්නේ පිළිවෙලින් මාර්තු 28, මාර්තු 20, මාර්තු 29, අප්‍රේල් 03 යි. 

කොරෝනා රෝගීන් ප්‍රමාණය යම් හෙයකින් 2000 ඉක්මවා ගියහොත්  මෙරට සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටී පුද්ගලයින් ඉතා සීඝ්‍රයෙන් මරණයට පවා ලක් විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

කොරෝනා ආසාදිතයින්ගෙන් 2%ක් පමණ ඉක්මන් රෝග ලක්ෂණ පෙන්නුම් කළ ද 98%ක්ම රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ දින 11ත් 14ත් කාලයක් තුළයි. 

මෙවන් බැරෑරුම් අවස්ථාවක ජනතාව ඉතා වගකීමෙන් රජය සහ වෛද්‍යවරු ලබා දෙන උපදෙස් අනිවාර්යයෙන් පිළිපැඳිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu