gossiplanka alexa ඉතාලියේ දී ශ්‍රී ලාංකිකයෙක් මියයයි, තවත් 8කට වෛරසය ආසාදිතයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉතාලියේ දී ශ්‍රී ලාංකිකයෙක් මියයයි, තවත් 8කට වෛරසය ආසාදිතයි

කොරෝනා වෛරසයෙන් මෙතෙක් ලොව වැඩිම බලපෑමක් එල්ල වී ඇති ඉතාලියේ දී එම රෝගය ආසාදනය වීමෙන් ශ්‍රී ලාංකිකයෙකු මිය ගිය බවට වාර්තා වනවා.

කෙසේ වෙතත් එම මියගිය පුද්ගලයාට කොරෝනා රෝගයා ආසාදනය වීමෙන් මිය ගියේද යන්න පිළිබඳව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවයි ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසන්නේ.

වෛද්‍ය වාර්තාව ලැබුණු පසු එය නිශ්චිතවම ප්‍රකාශ කල හැකි යැයි ඔවුන් පවසනවා. 

මෙසේ මියගොස් ඇත්තේ මෙලිසා ප්‍රදේශයේ විසූ 70 හැවිරිදි පුද්ගලයෙක්. 

මේ අතර රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසා සිටින්නේ මේ වන විට ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයින් 8 දෙනෙකුට මෙම වෛරසය ආසාදනය වීඇති බවයි. එසේම තවත් පුද්ගලයින් 40-50 අතර ප්‍රමාණයක් ස්වයං නිරෝධායනයට ලක්ව සිටින බව ද පැවසෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu