gossiplanka alexa රෝහල් අධ්‍යක්ෂවරු විශේෂ ‍රැස්වීමක් සඳහා කොළඹට පැමිණේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රෝහල් අධ්‍යක්ෂවරු විශේෂ ‍රැස්වීමක් සඳහා කොළඹට පැමිණේ

gossip about health meeting
දැනට දිවයින පුරා පැතිරයමින් පවතින කොවිඩ් 19 කොරෝනා වෛරසය මර්දනය කිරීමට ඍජුව සම්බන්ධව කටයුතු කරන රෝහල් අධ්‍යක්ෂවරු 24 දෙනෙකු හදිසි සාකච්ඡාවක් සඳහා අද (20) කොළඹ නාරාහේන්පිට පිහිටි ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ පිහිටි ශ්‍රවණාගාරයට කැඳවා තිබෙනවා. ඒ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින්. 

ඉදිරි දින කිහිපයේදී මෙම වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා රෝහල් සේවා පවත්වාගෙන යාම සඳහා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්වුණා. රෝහල් වලට පැමිණෙන ආසාධිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී වෛද්‍යවරුන්ට සහ ‌සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට මුහුණ දීමට සිදුවන ගැටලු වලට අවශ්‍ය විසඳුම් මෙහි දී සාකච්ඡා කෙරුණු අතර ක්ෂණිකව ගතයුතු ක්‍රියාමාර්ග සහ රෝග පාලනයට ගතයුතු නිර්ණායකයන්  පිළිබදවද රෝහල් අධ්‍යක්ෂකවරු දැනුවත් කෙරුණා. 

රෝගී තත්වය විනිශ්චය කිරීම සඳහා   ඵ්ඡ්ර්‍ පරීක්ෂණය එම රෝහල් වලම සිදුකරගැනීමට අවශ්‍ය යන්ත්‍ර ලබා දීමටත් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල සදහා ප්‍රවාහන පහසුකම් සහ නවාතැන් පහසුකම් ලබා දීමටත් මෙහි දී උපදෙස් ලබා දුන්නා. 

මෙම රෝහල් අධ්‍යක්ෂවරුන් වෙත ක්ෂණික මිලදී ගැනීම් සදහා අවශ්‍ය අනුමැතිය සහ මුදල් ප්‍රතිපාදන ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මියට උපදෙස් ලබා දුන්නා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu