gossiplanka alexa කොරෝනා වෛරසයට එරෙහිවන සාර්ථක ඖෂධයක් සොයා ගැනේ, මහා පරිමාණයෙන් නිපදවීමට සැලසුම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා වෛරසයට එරෙහිවන සාර්ථක ඖෂධයක් සොයා ගැනේ, මහා පරිමාණයෙන් නිපදවීමට සැලසුම්

gossip information new drugs for corona
කොරෝනා වෛරසයට එරෙහි සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන ඖෂධයක් සොයා ගැනීමට ජපානය සමත්ව තිබෙනවා. ජපානයේ ඖෂධ නිෂ්පාදන සමාගමක් විසින් නිපදවා ඇති අවිගන් (අවිගන් ) නම් මෙම ඖෂධය සාර්ථක ප්‍රතිපල පෙන්නුම් කරන බවයි චීනයේ ජාතික ජෛව තාක්ෂණික මධ්‍යස්ථානය ප්‍රකාශ කර තිබෙන්නේ. 

ජෛව තාක්ෂණික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා මාධ්‍ය වෙත  අදහස් දක්වමින් කියා සිටියේ මෙම ඖෂධය චීනයේ වෛද්‍ය සංගම් දෙකක් විසින් කරන ලද සායනික පරීක්ෂණ කිහිපයකදීම සාර්ථක ප්‍රතිඵල අත්කර දී ඇති බවයි, ඒ අනුව මෙම ඖෂධය ප්‍රවර්ධනය කිරීම සඳහා තම රජයේ සහය ලැබෙන බව චීනය පවසා තිබෙනවා.

චීනයේ වුහාන් හා ශේන්සෙන් නගරවල රෝගීන් 300 කට අධික පිරිසක් යොදාගනිමින් මෙම ඖෂධය පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එහි දී  දින හතරක් වැනි කාලයක් ඇතුළත එම ඖෂධය ලබාදුන් රෝගීන් සියලුදෙනාම සුව අතට පත් වී තිබෙනවා. විශේෂයෙන් කොරෝනා වෛරසය හේතුවෙන් මතුවන නිව්මෝනියා තත්ත්වයන්ට මෙම ඖෂධය හරහා ප්‍රතිකර්ම සැලසෙන බවත් , එහිදී කිසිදු අතුරු අබාධයක් වාර්තාවී නොමැති බවත් වාර්තා වනවා. 

මෙම ඖෂධය ලබාදුන් පසුව රෝගීන්ගේ ශ්වසන පද්ධතියේ හා පෙනහළු වල තත්ත්වයද වේගයෙන් යහපත් අතට හැරෙන බව එක්ස් කිරණ ජයාරූප හරහාද තහවුරුවී ඇතැයි චීනයේ ජාතික ජෛව තාක්ෂණික මධ්‍යස්ථානය පවසනවා. මෙවැන් සාර්ථක ඖෂධයක් වාණිජ්‍ය වශයෙන් තම රට තුලද නිපදවීම සඳහා  චීනය මේ වනවිට  ජපාන සමාගමෙන් අවසර ලබාගෙන ඇති අතර ඉදිරියේදී මහා පරිමාණයෙන් ,මෙම අවිගන් (අවිගන් ) නම් ඖෂධය චීනය තුලද නිපදවීමට එරට සමාගම් රැසක් පියවර ගනු ඇති බවයි වාර්තා වන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu