gossiplanka alexa ඇඳිරි නීතිය දීර්ඝ කෙරෙන නිවේදනය නිකුත් කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඇඳිරි නීතිය දීර්ඝ කෙරෙන නිවේදනය නිකුත් කෙරේ

වතින ඇඳිරි නීතිය තත්ත්වට දිර්ඝ කරන අයුරු ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. ඒ අනුව කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක සඳහා දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය ලබන අඟහැරුවාදා උදේ 6.00 දක්වා දීර්ඝ කර තිබෙනවා.  එදිනම, එනම් 24 අඟහරුවාදා දහවල් 2.00 ට ඒ දිස්ත්‍රික්ක වෙත  නැවත ඇඳිරි නීතිය පනවනු ලැබෙනවා.

සෙසු දිස්ත්‍රික්ක සඳහා වන ඇඳිරි නීතිය මාර්තු 23 වන සඳුදා උදේ 6.00 ට ඉවත් කෙරෙන අතර, නැවත එදිනම දහවල් 2.00 සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමට නියමිතයි. මේ දිස්ත්‍රික්ක සඳහා පනවනු ලබන ඇඳිරි නීතිය 24 අඟහරුවාදා උදේ 6.00 දක්වා බලපැවැත්වෙනවා.

සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත පැනවීම ගැන පසුව දැනුම් දෙනු ලබන බවයි ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කර සිටින්නේ.

එසේම ඇඳිරි නීතිය ඉවත් කෙරෙන සෑම අවස්ථාවකම දිවයින පුරා සියලු මත්පැන් අළෙවි සැල් වසා තැබිය යුතු බවත් ගොවිතැන් කටයුතු සිදු කෙරෙන දිස්ත්‍රික්කවල ගොවි ජනතාවට සිය කාර්යයන් බාධාවකින් තොරව කරගෙන යාමට ඉඩ දෙන ලෙස පොලිසීයට උපදෙස් දී තිබෙන බවත් රජය දන්වනවා.

රජය ජනතාවට දැනුම් දී සිටින්නේ අත්‍යාවශය ආහාර ද්‍රව්‍ය සහ සෙසු භාණ්ඩ තොග ප්‍රමාණවත් තරම් ගබඩා කර ඇති බැවින් අනවශ්‍ය ලෙස භාණ්ඩ රැස් කිරීමට කලබල නොවන ලෙසයි. එළවළු ඇතුලු අත්‍යාවශය ද්‍රව්‍ය ප්‍රවාහනයටද ඉඩ සලසා තිබේ.

එසේම අත්‍යාවශය ආහාර ද්‍රව්‍ය බාධාවකින් තොරව අවශ්‍ය ස්ථාන වෙත ප්‍රවාහනය කිරීමට විධිවිධාන සලසා තිබෙන බව සඳහන්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu