gossiplanka alexa ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කරන සේවාවන් සහ උපදෙස් මාලාව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කරන සේවාවන් සහ උපදෙස් මාලාව

gossip lanka news about advice
ත්‍යාවශ්‍ය සේවා, ආහාර හා ඖෂධ සැපයුම් ආදිය සඳහා ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීම නිසි පරිදි ක්‍රියාත්මක නොවන බව පෙනී ගිය හෙයින් මෙම බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන්  වැඩබලන පොලිස්පති සි. ඞී. වික‍්‍රමරත්න මහතා උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. ඇඳිරි නීති බලපත්‍ර ලබා ගැනීමට සෑම පොලිස් ස්ථානයකම දිගු පෝලිම් පවතින බැවින් එම තත්ත්වය මඟ හරවා ගැනීමට එහි උපදෙස් මාලාවක් දී තිබෙනවා. 

ඒ අනුව පොලිස් පරීක්ෂකවරයා, ස්ථානාධිපතිවරයා හෝ වෙනත් වගකිව යුතු නිලධාරියෙකු අදාළ ආයතන වෙත පෞද්ගලිකවම ගොස් එහි සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය සේවක සංඛ්‍යාව හඳුනාගෙන සේවකයින් වෙන වෙනම ඇඳීරි නීති බලපත‍්‍ර නිකුත් කළ යුතු බවයි එහි සඳහන් වන්නේ.

එම උපදෙස් මාලාව අනුව පහත සඳහන් අංශ සහ ආයතන වෙත ඇඳිරි නීති බලපත්‍ර හිමිවනවා.

  • ලංකා විදුලිබල මණ්ඩලය, 
  • ලංකා විදුලි සමාගම, 
  • ජාතික ජලසම්පාදන  හා ජලාපවාහන මණ්ඩලය 
  • ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, ලංකා ගමනාගමන මණ්ඩලය,   
  • ශ‍්‍රී ලංකා දුම්රිය සේවය, 
  • ශ‍්‍රි ලංකා තැපැල් සේවය, 
  • රජයේ මුද්‍රණාලය, 
  • ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු ඉන්ධන සැපයීමේ සේවා සහ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යනු ලබන වෙනත් ආයතන 
  • පළාත් පාලන ආයතනවල නියෝජිතයින්ට සහ ඒවායේ සේවකයින්
  • ශ‍්‍රී ලංකා මහ බැංකුව, 
  • මහා භාණ්ඩාගාරය,
  •  සියලූ වාණිජ බැංකු         
  • රක්ෂණ ආයතනවල සේවකයින්
  • පිරිසිදු කිරී මේ හා සනීපාරක්ෂක සේවා සඳහා අවසර දී ඇති සියලූ ආයතනවල සේවකයින්   
  • රජයට අනුබද්ධ හෝ පෞද්ගලික ආරක්ෂක සමාගම්වල සේවකයින්
  • ලංකා සතොස හා සෙසු සුපිරි වෙළඳසැල්වල කාර්යය මණ්ඩලය
  • ආහාර හෝ භාණ්ඩ ප‍්‍රවාහන වාහන හා රියදුරන්
  • බේකරි ආහාර හෝ වෙනත් ක්ෂණික ආහාර නිවෙස්වලට බෙදා හරින තැනැත්තන්
  • වී, එළවළු, පළතුරු, තේ, රබර්, පොල්, සුළු අපනයන භෝග හෝ පැළ තවාන් ආදී කෘෂිකර්ම කටයුතු සිදුකරන සහ ඒ ආශ‍්‍රිත බීජ, පැළ, පොහොර හෝ රසායනික ද්‍රව්‍ය හෝ නිෂ්පාදනය කරන හා බෙදාහරින තැනැත්තන්
  • මස්, මාළු, කිරි, බිත්තර හා වෙනත් සත්ත්ව ආශ්‍රිත නිෂ්පාදනය කරන හෝ ප‍්‍රවාහනය කරන තැනැත්තන්
  • ඖෂධ නිවෙස්වලට බෙදා හැරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අනුමත කර ඇති රජයේ ඔසුසැල්, ෆාමසි හා බලයලත් වෙනත් ආයතනවල සේවකයින්
මෙම උපදෙස් මාලාවේ තවදුරටත් සඳහන් වන්නේ අදාළ ඇඳිරි නීති බලපත‍්‍රයේ ආරම්ක ස්ථානය, ගමනාන්තය හා බලපත‍්‍රය නිකුත් කිරීමට හේතු පැහැදිළිව සඳහන් කළ යුතු  බවයි. පොලිස් සේවයේ, ති‍්‍රවිද හමුදාවන්හි හෝ සෞඛ්‍ය සේවයේ යෙදී සිටින්නන්ට ඇඳිර නීති බලපත‍්‍රයක් අවශ්‍ය නොවන බවත් ඔවුන්ගේ රාජකාරී හැඳුනුම්පත ඇඳිරි නීති බපත‍්‍රයක් ලෙස යොදා ගත හැකි බවත් එම නිවේදනයේ සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu