gossiplanka alexa ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධානියෙක් සහ ඔහුගේ බිරිඳ අත් අඩංගුවට ගැනීමට අධිකරණ වරෙන්තු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධානියෙක් සහ ඔහුගේ බිරිඳ අත් අඩංගුවට ගැනීමට අධිකරණ වරෙන්තු

Air Bus ගුවන් සමාගම සමග සිදුකළ අයථා ගණුදෙනුවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරිවරයා සහ ඔහුගේ බිරිඳ අධිකරණයෙන් වරෙන්තු ලබා ගෙන  අත්අඩංගුවට ගන්නා ලෙස අද (03) නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්නා. 

මෙම ගණුදෙනුව සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ බලධාරින්ට නියෝග කරනු ලැබුවා.

ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා. 

ජාතික ගුවන් සේවය, ගුවන් යානා නිෂ්පාදනයේ නිරත එයාර් බස් ඉන්ඩස්ට්‍රිස් සමාගම සමග කළ ගනුදෙනුවේ දී ඇතැම්  පුද්ගලයන් කළ බව කියන මුල්‍ය වංචා පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තා ඊයේ (02) සති අන්ත ඉංග්‍රීසි පුවත් පතක සහ වෙනත් අන්තර්ජාල වෙබ් අඩවි කිහිපයක පළව තිබුණා. එම මාධ්‍ය වාර්තා දු‍ටු ජනාධිපතිතුමා මේ චෝදනා පිළිබඳව සෑම පැතිකඩක්ම ආවරණය වන පරිදි වහාම පූර්ණ පරීක්ෂණයක් කොට ප්‍රතිපල තමා වෙත දැනුම්දෙන්නැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කළා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu