gossiplanka alexa ඛනිජ තෙල් සංස්ථාවෙන් තෙල් නොදීම නිසා විදුලිය කප්පාදු කරන කාලසටහන ප්‍රකාශ කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඛනිජ තෙල් සංස්ථාවෙන් තෙල් නොදීම නිසා විදුලිය කප්පාදු කරන කාලසටහන ප්‍රකාශ කෙරේ

විදුලිය නිෂ්පාදනයට අවශ්‍ය ඉන්ධන ඛනිජ තෙල් සංස්ථාවෙන් අඛණ්ඩව සපයා නොදීම නිසා අද දින සිට දීප ව්‍යාප්තව පැය දෙක විදුලි කප්පාදුවක් සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩල විසින් පවසා ඇත් බව ඉහල පෙලේ ප‍්‍රකාශකයෙක් සදහන් කරනවා.

මේ වන විට ජල විදුලි බලාගාරවල විදුලි නිෂ්පාදනය පහත බැස ඇති නිසා විදුලිය ඉල්ලුම සැපිරීමට සිදුව ඇත්තේ තාප බලාගාරවලින් වීම මෙම ගැටළුව උග්‍ර වීමට තවත් හේතුවක්.

පද්ධතියේ ආරක්‍ෂාව වෙනුවෙන් මෙම පියවර අනුගමනය කිරීම අත්‍යවශ්‍ය කටයුත්තක් බවත් වසර කිහිපයක් තිස්සේ වැඩි වූ විදුලි ඉල්ලුමට සරිලන ලෙස නව විදුලි ජනන සැලැස්මක් ක‍්‍රියාත්මක නොවීම නිසා ඉදිරි මාස කිහිපයේදී දැඩි විදුලි අර්බුදයක් ඇති වනු ඇති බවත් අදාළ ප්‍රකාශකයා සඳහන් කර සිටිනවා

ඒ අනුව නැවත ඉන්ධන සපයන තෙක් අද (30) දින සිට රට පුරා කාණ්ඩ වශයෙන් පැය දෙක බැගින් විදුලිය කපා දමන බවයි වාර්තා වන්නේ. විදුලි කප්පාදුව සිදු කරන්නේ මෙම වෙලාවන් පහත පරිදි වන බව ද සඳහන් වනවා. 

A – 8.30-10.30
B – 10.45-12.45
C – 12.45-14.45
D – 14.45- 16.45


.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu