gossiplanka alexa මෙවර නිදහස් දින සමරු උත්සවයෙන් ඉවත්වන අංග කිහිපයක්, ජාතික ගීය සිංහලෙන් පමණයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මෙවර නිදහස් දින සමරු උත්සවයෙන් ඉවත්වන අංග කිහිපයක්, ජාතික ගීය සිංහලෙන් පමණයි

72 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය කොළඹ නිදහස් චතුරශ‍්‍රයේදී හෙට (04) පැවැත්වීමට සියළු කටයුතු සූදානම් වෙමින් පවතිනවා. එය ඉතා චාම් අයුරින් සිදු කිරීමටයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත්තේ. ඒ අනුව මින් පෙර වර්ෂවල දී පැවති ඇතැම් අංග කිහිපයක් මෙවර නිදහස් දින සැමරුම් උත්සවයෙන් ඉවත් කිරීමට තීරණය වී තිබෙනවා. 

ඒ අනුව පහත වෙනස්කම් සිදු කිරීමට නියමිතව තිබෙනවා.


01.  පැය 3කට අධික කාලයක්  පැවැතුවුණු උත්තමාචාර පෙළපාලිය පැය දෙකක් හෝ ඊට අඩු කාලයකට සීමා කිරීම.

02. ජනාධිපතිවරයා සැමරුම් උත්සවයට කැඳවා ඒමේදී පෙර ගමන් රථ සමග පැමිණෙන අශ්වාරෝහකයින් ඉවත් කිරීම. 

03. පැරෂුට් ආධාරයෙන් සිදු කෙරෙන ගුවන් පිනුම් සංදර්ශන ඉවත් කිරීම.

04. නිදහස් දින සැමරුම් පෙළපාලියට එක් කෙරෙන යුද වාහන ප‍්‍රමාණය සීමා කිරීම.  ඒ අනුව යුද හමුදාවට අයත් රේඩාර් පද්ධතිය ඇතුළු විශාල ප‍්‍රමාණයේ යුද වාහන මින් පෙර පැවති නිදහස් දින සැමරුම් උත්සවවලට යොදා ගත්තත් එවැනි යුද වාහන මෙවර යොදා නොගන්නා බවටයි වාර්තා වන්නේ. 

05. ආබාධිත සෙබළුන් මෙවර පෙළපාලියට එක් කර නොගැනීමට තීරණය කර තිබෙනවා.

එසේම මෙවර නිදහස් දින සැමරුම් උළෙල සඳහා ආරාධිත අමුත්තන් 2,500 දෙනෙකු පමණ සහභාගි වනු ඇති බවත් සිංහල භාෂාවෙන් පමණක් ජාතික ගීය ගායනා කරන බවත් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ ප‍්‍රකාශ කර සිටිනවා.

එසේම උත්තමාචාර පෙළපාලියට යුද හමුදා භටයින් 4,325ක්,  නාවික හමුදා භටයින් 868 ක්, ගුවන් හමුදා භටයින් 815 ක්, ද පොලිස් නිලධාරීන් 1,382 ක්ද, සිවිල් ආරක්‍ෂක නිලධාරීන් 515 ක්ද, ශිෂ්‍ය භටයින් 355 ක් ද සහභාගිවීමට නියමිතයි. එසේම මෙවර  සුපුරුදු පරිදි අභිමානවත් ති‍්‍රවිධ හමුදා උත්තමාචාර පෙළපාලියකින් හා විචිත‍්‍රවත් සංස්කෘතික අංගවලින් උලෙල අලංකාර වනු ඇති බවත් වාර්තා වනවා.


































ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu