gossiplanka alexa නොරොච්චෝලේ ක්‍රියා විරහිත වෙයි, වියළු කාලගුණයත් සමඟ විදුලි අර්බුදයක් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නොරොච්චෝලේ ක්‍රියා විරහිත වෙයි, වියළු කාලගුණයත් සමඟ විදුලි අර්බුදයක් ?

country gossip
චීන සමාගමක් විසින් අළුත්වැඩියා කරන ලද නොරොච්චෝලේ විදුලි බලාගාරය නැවත ක්‍රියා විරහිත වී ඇති බව වාර්තා වනවා. අලුත්වැඩියාව නිමකර දින 10 කින් ක්‍රියා විරහිත වී ඇති විදුලි බලාගාරය රුපියල් කෝටි 69ක් වියදම් කර අළුත්වැඩියාව සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. මෙම අළුත් වැඩියාව සඳහා චීන සමාගමට ගෙවූ මුදල ඩොලර් මිලියන 3.8  ක්.

බලාගාර අළුත්වැඩියාවේ පළමු අදියර ලෙස පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට මාස තුනක කාලයක්  මෙගා වොට් 300ක විදුලි ජනන යන්ත්‍රය මාස 04ක් තිස්සේ අළුත්වැඩියාව සිදු කර තිබෙනවා. නමුත් පසුගිය 14 වන දින සිට එම යන්ත්‍ර නැවත ක්‍රියා විරහිත වී තිබෙනවා.

මෙසේ යන්ත්‍ර යන්ත‍්‍රය ක‍්‍රියා විරහිත වීමෙන් ඇතිවන ප්‍රධාන ගැටළුව වන්නේ එම විදුලි ප‍්‍රමාණයද  ජල බලාගාරවලට ජනනය කිරීමට සිදු වීමයි. පවතින වියලි කාලගුණය හේතුවෙන් ප්‍රධාන විදුලි බලාගාර ජල මට්ටම ද සීඝ්‍රයෙන් පහත වැටෙමින් තිබෙන නිසා විදුලි අර්බුදයක් පැන නැගීමට ඇති හැකියාව තවත් ඉහළ ගොස් තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu