Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

Follow Us on Youtube


සෞම්‍ය කලාපීය රටවල අන්තර් උදම් කලාපය තුළ දක්නට ලැබෙන විශේෂිත ශාක ප්‍රජාවක් තමයි කඩොලාන කියන්නේ. ජපානය,ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්ලොරීඩා වෙරළ ආශ්‍රිත නිරක්ෂයට උතුරින් පිහිටි කොටස්වල සිට නවසීලන්තය,ආජන්ටිනාව වැනි නිරක්ෂයට දකුණින් පිහිටි ප්‍රදේශ දක්වා ම කඩොලාන ශාක ප්‍රජාව ව්‍යාප්ත ව පවත්නවා.

ඝර්ම කලාපීය රටවල මුහුදු ප්‍රදේශවල කලපු සහ බොකු ආශ්‍රිතව මෙම ශාක ප්‍රජාව වඩාත් පුළුල්ව ව්‍යාප්ත වීඉ ඇති අතර ලෝකයේ ඇති කඩොලාන ශාක ප්‍රජාවන්ගේ ප්‍රමාණය හෙක්ටයාර මිලියන 15.9ක් ලෙස ගණනය කර තිබෙනවා. මින් හෙක්ටයාර මිලියන 4.25ක් එනම්, 27%ක් ඇත්තේ ඉන්දුනීසියාවේ ය. බ්‍රසීලයේ 16%ක් ද ඕස්ට්‍රේලියාවේ 7%ක් පමණ ද දැකිය හැකිවනවා. 

ශ්‍රී ලංකාවේ ඇති මුළු කඩොලාන ප්‍රමාණය හෙක්ටයාර 12500ක් පමණවන අතර කඩොලාන වඩා විශාල ලෙස ව්‍යාප්තව ඇත්තේ පුත්තලම් දිස්ත්‍රික්කයේ මෝයන් ආශ්‍රිතවයි. ඝනව වැඩුණු කඩොලාන නිරිත දිග, දකුණු ඊසාන ප්‍රදේශයන්හි කලපු ආශ්‍රිතව තැනින් තැන විසිරී පවතිනවා.


පාරිසරික හා ආර්ථික අංශවලින් ඉතා වැදගත් පරිසර පද්ධතියක් වන කඩොලාන පරිසර පද්ධතිය මිනිස් ක්‍රියාකාරකම් හේතු කොට ගෙන විනාශවීමේ තර්ජනයට මුහුණ දී තිබෙනවා.

අනාගත පරපුරේ පැවැත්ම උදෙසා කඩොලාන පරිසරය ආරක්ෂා කිරීම අද පරපුරේ යුතුකමක් මෙන් ම වගකීමක් ද වනවා. එම වගකීම නිසි පරිදි ඉ‍ටු කිරීම වෙනුවෙන් රටෙහි වගකිවයුතු නිලධාරීන් ඉදිරිපත් විය යුතු කාලයක තම පෞද්ගලික අපේක්ෂාවන් උදෙසා කඩොලාන පරිසරය විනාශ කරන ඇතැම් ක්‍රියාවන් සිදු කිරීමට එම නිලධාරීන් පෙළඹී සිටිනවා. 

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක් වන්නේ එසේ කඩොලාන පරිසරය විනාශ කිරීම වෙනුවෙන් දැඩි විරෝධතාවයක් පාමින් එයට එරෙහිව නැඟී සිටින එක්තරා රාජ්‍ය නිලධාරිණියක් ගැනයි. ඉහළ නිලධාරීන්ගේ අකටයුතුකම්වලට හිස නොනමා රටේ මතු පරපුර වෙනුවෙන් නැඟී සිටින මෙවන් රාජ්‍ය නිලධාරී රාජ්‍ය සේවයේ සිටීම ඉතාමත් සතුටට කාරණාවක්.අතිගරු ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීම යටතේ යමින් රාජ්‍ය නිලධාරීන් සියල්ලෝම තම තම වාසි ගැන නොතකා මෙසේ රට වෙනුවෙන් යමක් කිරීම දැකීම ජනතාවගේ අහිංසක ප්‍රාර්ථනයක්. 

ඉහළ නිලධාරීන් පරිසරය වෙනුවෙන් කැප වූ විට පහළ මට්ටමේ සිටින නිලධාරීන් ද එහි පූර්වාදර්ශය ගැනීම ඉබේම සිදුවන්නක්. එනිසාම නායකත්වයෙන් පූර්වාදර්ශය සැපයීම නායකයෙකුගේ මහඟු ගුණාංගයක්. මෙවන් පූර්වදර්ශයන් සපයන රටට හිතෛශී නායකයෙක් තමයි ආචාර්ය නාලක ගොඩහේවා කියන්නේ.

එතුමා පරිසරයට ආදරය කරන පරිසර ආරක්ෂාවට වැඩසටහන් දියත් කරන සරල නායකයෙක්. ආචාර්ය නාලක ගොඩහේවා මහතා නොබෝදා දිනක ගම්පහ දිස්ත්‍රික්කය තුල මී පැල දසදහසක් සිටුවීමේ ව්‍යාපෘතියක්ආරම්භ කළා. ඒ අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාරිසරික සංරක්ෂණ ජාතික ප්‍රතිපත්තියට සහායක් වශයෙන් රට පුරා මී පැල ලක්ෂයක් සිටවීමේ ව්‍යාපෘතියට සමගාමීවයි. 

හෙළ රජ දරුවන් මහත් ඕනෑකමින් ආරක්ෂා කළ මී ගස වී ගොවිතැනේ දී කෘමීන් පළවා හැරීමටත්, පක්ෂීන් ආකර්‍ශනය කර ගැනීමටත්, පත්‍ර කෙත සරුකරන පොහොරක් ලෙසත් උපයෝගී වුණා. කුඹුරු අක්කරයකට එක් මී ගසක් ප්‍රමාණවත් වුණා. මී ඵල රස බැලීමට පැමිණෙන වවුලන්ගේ වසුරුවලින් පැළ ගොයමට අවැසි ජීවාන්තර පොහොර (නයිට්‍රජන්) ලබාගැනීමටහැකිවුණා.

එසේම ගොයමට හානිකර වූ මැස්සන් ආදි කුඩා කෘමි සතුන් වවුලන්ගේ ආහාර වීම නිසා ගොයමට සිදුවන කෘමි හානිය ද පාලනය වුණා. එමෙන්ම මී ම‍ලෙහි පැණි බීමට එන මී මැස්සන්ගේ නාදයද කෘමි හානිය අවමවන තවත් ක්‍රමයක් වුණා.

පැරැන්නෝ කෙම් ක්‍රමයක් ලෙස නැගෙනහිරට පිහිටා ඇති මී මුලක් කුඹුරෙහි සිව් කොනෙහි ගැසීම සිදු කළා. ඉන් බලාපොරොත්තු වූයේ කෘමි හානිය අවමකර ගැනීමයි. එසේම ගොයමට පොහොරක් ලෙස මී තෙල්හි අතුරු ඵලය වු රොඩ්ඩ භාවිතා කෙරුණා.

විශාල වටිනාකමක් ඇති ශාකයක් ලෙස පැරැන්නෝ හඳුනාගත් මී ශාකය අදවන විට අප රටින් විශාල ලෙස වඳවී යාමේ තර්ජනයකට ලක්ව තිබෙනවා. දැව වශයෙන් යොදා ගැනීම, නොසැලකිලිමත් භාවය මෙන්ම වටිනාකම පිළිබඳව පවතින අනවබෝධය ද මේ තත්ත්වයට හේතුවී තිබෙනවා. 

මේ සියළු කාරණා සැලකිල්ලට ගනිමින් මෙම වටිනා ශාකය රට පුරා ව්‍යාප්ත කිරීමට ව්‍යාපෘතින් ආරම්භ වුණා. එවන් ව්‍යාපෘති වෙනුවෙන් උරදෙන ආචාර්ය නාලක ගොඩහේවා මහතා, කොන්ද කෙලින්කර පරිසරය සු‍රැකීම උදෙසා මැති ඇමතිවරුන් ඉදිරියේ නොබියව සටන් වදින රාජ්‍ය සේවකයින්ට මතු කලක දී යහපත් නායකයෙක් හමුවනු ඇති බවට පෙරනිමිත්තක් නොවනේද?









Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page