gossiplanka alexa වැඩිවන බලශක්ති ඉල්ලුමට රුසියාවෙන් ශ්‍රී ලංකාවට න්‍යෂ්ටික බලාගාරයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වැඩිවන බලශක්ති ඉල්ලුමට රුසියාවෙන් ශ්‍රී ලංකාවට න්‍යෂ්ටික බලාගාරයක්

ශ්‍රී ලංකාව තුළ වැඩි වෙන බලශක්ති ඉල්ලුමට විසඳුමක් ලෙස  ශ්‍රී ලංකාව තුළ න්‍යෂ්ටික බලාගාරයක් ඉදි කිරීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකාවේ සිටින රුසියානු තානාපති යූරි මැටේරි පවසා සිටිනවා. ශ්‍රී ලංකාරජයපරිසර දූෂණයෙන් තොර බලශක්තියට වැඩ් කැමැත්තක් දක්වන බැවින් දිගුකාලීන ක්‍රමයක් ලෙස න්‍යෂ්ටික බල ශක්තිය භාවිතා කිරීමට හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ. 

දැවි තෙල්, ගල් අඟුරු, ගෑස් භාවිතයෙන් විකල්ප බලශක්ති ප්‍රභවයන්ට යොමුවීමට මේ වන විට ශ්‍රී ලංකාව අවධානය යොමු කර තිබුණද  දිගුකාලීන  න්‍යෂ්ටික බල ශක්තිය සුදුසු ප්‍රභවයක් බවයි ඔහු කියා සිටින්නේ. 

දැනටමත් ඒ සඳහා උත්සාහයක් ආරම්භ කර ඇතැයි ද ඔහු තවදුරටත් පවසා තිබෙනවා.  රුසියානු තානාපතිවරයා මේ බව පවසා ඇත්තේ රුසියානු වෙබ් අඩවියත් සමග අදහස් පළ කරමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu