gossiplanka alexa රජයේ විභාග ක්‍රම වෙනස්වෙයි, අපේක්ෂකයින්ට විභාගය පහසු කිරීම සඳහා අළුත් පියවරක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රජයේ විභාග ක්‍රම වෙනස්වෙයි, අපේක්ෂකයින්ට විභාගය පහසු කිරීම සඳහා අළුත් පියවරක්

ජයේ විභාගවලට පෙනී සිට්න අපේක්ෂකය්න්ට ගණක යන්ත්‍ර භාවිතා කිරිමට මේ දක්වා කිසිදු අවසරයක් තිබුණේ නැහැ. නමුත් මෙම ක්‍රමය වෙනස් කරමින් එසේ පෙනී සිට්න අපේක්ෂ්කයින්ට ඝනක යන්ත්‍ර භාවිත කිරීමට අවසර ලබාදිමට රජය තීරණය කර තිබෙනවා.

මෙම අවසරය ලබාදීමට තීරණය කර ඇත්තේ ‍තෝරාගත්  විභාග සඳහා බවයි අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය. රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරන්නේ. , ගණකාධිකරණ විභාගයෙන් දෙවරක් චක්‍රය බලාපොරොත්තු නොවන බවත් එම ක්‍රමවේදය මේ වන විට වෙනස් කරමින් සිටින බවත් පැවසූ අමාත්‍යවරයා අත්හදාබැලීමක් ලෙස මේ මස 16 වන දින ආරම්භ කරන ගණකාධිකරණ විභාගයෙන් මෙම ඝනක යන්ත්‍ර භාවිතා කිරීම ආරම්භ කරන බවත් පවසා සිටියා.

ලෝකයට ගැළපෙන ආකාරයෙන් අපේ අධ්‍යාපනය වෙනස් විය යුතු බවත් ඒ අනුව පළමු වරට මෙලෙස ඝනක යන්ත්‍ර භාවිතයට සිසුන්ට ඉඩ හිමිවෙන බවත් ඇමත්ව පවසා සිටියා.

රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මෙම අදහස් පල කළේ වෙන්නප්පුව ප්‍රදේශයේ පාසලක පැවති උත්සවයකට එක්වෙමින්.

මේ අතර ඊයේ දිනයේ දී නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජෙනරාල් බී. සනත් පූජිත මහතා පවසා සිටියේ, අ.පො.ස. උසස් පෙළ විභාගයේ ගිණුම්කරණය, ජෛය පද්ධති තාක්ෂණවේදවය,ඉංජිනේරු තාක්ෂණවේදය සහ තාක්ෂණවේදය සඳහා විද්‍යාව යන විෂයන් සඳහන් වැඩසටහන් සම්පාදනය කළ නොහැකි ගණක යන්ත්‍ර (ණොන් ඵ්‍රොග්‍රම්මබ්ලෙ චල්චුලටොර්ස්) භාවිතා කිරීමට අවසර ලබා දී ඇති බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu