gossiplanka alexa කොරෝනා වෛරසය පැතිර යනබව අනතුරු ඇඟවූ චීන වෛද්‍යවරයා වෛරසයෙන්ම මියයයි- මරණය සැක සහිතයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා වෛරසය පැතිර යනබව අනතුරු ඇඟවූ චීන වෛද්‍යවරයා වෛරසයෙන්ම මියයයි- මරණය සැක සහිතයි

2002 - 2003 කාලය තුළ පැතිරුණු සාස් රෝගය මෙන් වසංගතයක් වී කොරෝනා වෛරසය පැතිරී යන බව පසුගිය දෙසැම්බර් 30 වන දා මුලින්ම අනතුරු ඇඟවීමක් කළ චින ජාතික වෛද්‍යවරයෙකු එම වෛරසයටම ගොදුරුවීමෙන් අද අළුයම මියගිය බව වාර්තා වනවා. 

ලී වෙන්ලියැන් නැමැති එම වෛද්‍යවරයා සිය වෛද්‍ය සඟයන්ට පණිවුඩ යවමින්. රෝගය පිළිබදව මුල් වරට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. අදාළ වෛද්‍යවරයා  ව්‍යාජ කට කතා පතුරුවන බවටත් සමාජය වියවුල් කරන බවටත් ඔහුට චෝදනා කරමින් පොලිසිය විසින් එය වළක්වා තිබුණා. පසුව කෙරෝනා වෛරසය සීග්‍රයෙන් පැතිර යාමටත් මරණ සංඛ්‍යාව ඉහළ යාමටත් පටන් ගත් අතර, 34 හැවිරිදි වෛද්‍ය ලී වෙන්ලියැන්ටද වෛරසය ආසාදනය වූයේ වූහාන් රෝහලේ රෝගීන්ට ප්‍රතිකාර කරමින් සිටියදීයි. 

මෙම වෛද්‍යවරයාට බලධාරීන් වැරදි ආකාරයෙන් සැලකූ බවට චීන ශ්‍රේෂ්ඨාධිකරණය ද පසුගිය සතියේ ප්‍රකාශයක් ද සිදුකළා. එමෙන්ම ඔහුගේ මරණයට චීනයේ සමාජ මාධ්‍ය මගින් ද විශාල ප්‍රතිචාරයක් දක්වන බව සදහන්.

කෙසේ වෙතත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් බීබීසී පුවත් සේවය වාර්තා කර තිබුණේ මෙම වෛද්‍යවරයාගේ මරණය සම්බන්ධයෙන් එකිනෙකට පරස්පර පුවත් රැසක් ප්‍රචාරයවී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu