gossiplanka alexa වෛරසය හේතුවෙන් වසා දැමූ චීන නගරයේ ශ්‍රී ලාංකික සිසුන් පිරිසක්, වහාම පියවර ගන්න රජයෙන් උපදෙස්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වෛරසය හේතුවෙන් වසා දැමූ චීන නගරයේ ශ්‍රී ලාංකික සිසුන් පිරිසක්, වහාම පියවර ගන්න රජයෙන් උපදෙස්

කොරෝනා වෛරසය පැතිරී යාමත් සමඟම චීනයේ වුහාන් නගරය සම්පූර්ණයෙන් ම වසා දැමිමට එරට බල ධාරීන් පියවර ගනු ලැබුවා. එසේ වසා දමනු ලැබූ වුහාන් ප්‍රාන්තයේ ශ්‍රී ලාංකික සිසු සිසුවියන් 44දෙනෙකු අධ්‍යාපනය ලබන බවර වාර්තා වනවා. ශ්‍රි ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය බීජිං හි පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලයට මේ වන විටදැනුම් දී තිබෙන්නේ එම සිසු සිසුවියන් 44 දෙනා හැකි ඉක්මනින් සම්බන්ධ කර ගන්නා ලෙසයි. එම සිසුන් ආරක්ෂා සහිත ස්ථානයක තැබීමට පියවර ගන්නා ලෙස ද මෙරට රජය විසින්  වුහාන් ප්‍රාන්ත රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. 

බීජිං හි පිහිටි ශ්‍රි ලාංකික තානාපති කාර්යාලය විසින් මේ වන විට වුහාන් ප්‍රාන්තයේ සිටින සියලුම ලාංකිකයින් ගේ තොරතුරු  රැස් කරගෙන තිබෙනවා. ඔවුන් සමග සම්බන්ධවි ඉදිරියේදී ගත යුතු ක්‍රියා මාර්ග ගැන දැනුවත් කිරීම කටයුතු අරඹා ඇති බවයි වාර්තාවල දැක්වෙන්නේ. 

මේ වන තෙක් චීනයේ සිටින කිසිදු ශ්‍රී ලාංකිකයෙකු සම්බන්ධයෙන් අසතු‍ටුදායක පුවතක් වාර්තා වී නොමැති අතර  චීනයේ ජිවත් වන සියලුම ශ්‍රි ලාංකිකයින්ට විදේශ කටයුතු අමාත්‍යාංශය විශේෂ දැනුම් දීමක් සිදුකර තිබෙනවා. ඒ පැතිරි යමින් තිබෙන නව කොරෝනා වෛරසය හේතුවෙන් ජනතාව බහුලව ගැවසෙන ස්ථානවල රැඳී නොසිටින ලෙසත් හැකි තරම් නිවෙස් තුල රැඳී සිටින ලෙසත් යම් අයුරකින් රෝගී තත්ත්වයක් ඇතිවුවහොත් වහාම සෞඛ්‍ය අංශ දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසත් දක්වමින්. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu