gossiplanka alexa විශ්ව ශක්තියෙන් ලෙඩ හොඳ කරන දීගල අධිකරණයේ දී සිහිසුන් වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විශ්ව ශක්තියෙන් ලෙඩ හොඳ කරන දීගල අධිකරණයේ දී සිහිසුන් වෙයි

විශ්ව ශක්තියෙන් රෝගීන් සුව කරන බව පවසන දීගොඩ කුමාර පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ සංවිධානය කළ සුව කිරීමේ මෙහෙයකදී ශිෂ්‍යයෙකුට ලබා දුන් පාන් කැබැල්ලක් ආසාදනය වීමෙන් එම ශිෂ්‍යයාට දැඩි සත්කාර ඒකකයේ ද ප්‍රතිකාර ගැනීමට සිදු වුණා. පිළියන්දල පොලිසිය මෙම සිද්ධියට අදාළව දීගොඩ කුමාරට විරුද්ධව නඩු පවරා තිබු අතර පසුගිය 08 වැනිදා කැස්බෑව මහෙස්ත්‍රාත්වරයා දීගොඩ කුමාර වහා අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට නියෝග කළා. 

දීගොඩ කුමාර විසින් ඊට අදාළව මෝසමක් ඊයේ (23)  ඉදිරිපත් කළා. එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය කියා සිටියේ ශිෂ්‍යයා තමාට පාන්පිටි ආසාත්මිකතාවක් ඇති බව පැහැදිලිවම කියා සිටියදී දීගොඩ කුමාරගේ අනුදැනුම මත ඔහුට පාන් ආහාරයට ලබාදීම විශාල වරදක් බව යි. 

නමුත්  දීගොඩ කුමාර වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පිරිස දිගින් දිගටම අධිකරණයට කියා සිටියේ දීගොඩ කුමාරට විරුද්ධව ඇති මිනී මැරීමට තැත් කිරීමේ චෝදනාව වැරදි සහගත බවයි. එසේම දීගොඩ කුමාරට මීට පෙර අධිකරණයට පැමිණීමට නොහැකි වූයේ ඔහුගේ මව ජනවාරි 02 වැනි දින සිට 16 වැනිදා දක්වා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි නිසා බවත් ජනවාරි 18 වැනි දින විත්තිකරුගේ මව මිය ගිය බවත් අධිකරණයට කරුණු දක්වමින් ඔහුගේ නීතිඥයන් වැඩි දුරටත් කියා සිටියා. 

කෙසේ වෙතත් දරුවාට පාන් ආහාරයට ගැනීමට පෙලඹවීමක් දීගොඩ කුමාර සිදු කර ඇති බැවින් ඉදිරියටත් මෙවන් සිදුවීම් වීමේ අවදානමක පවතින බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා දීගොඩ කුමාර මේ මස 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළා.

මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමත් සමඟම දීගොඩ කුමාර  සිහිසුන්ව බිම ඇද වැටුණු අතර එම අවස්ථාවේ ඔහු පෞද්ගලික රෝහලකට රැගෙන යාමට ඔහුගේ නීතිඥයන් කළ ඉල්ලීම මහෙස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu