gossiplanka alexa මාරාන්තික කොරෝනා වෛරසය ඉන්දියාවටත්, ලංකාවේ ආරක්ෂාව තර කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මාරාන්තික කොරෝනා වෛරසය ඉන්දියාවටත්, ලංකාවේ ආරක්ෂාව තර කෙරේ

මාරාන්තික කොරෝනා වෛරසය වැළඳි ඇති බවට සැක කෙරෙන රෝගීන් දෙදෙනෙකු ඉන්දියාවේ මුම්බායි නගරයෙන් වාර්තා වනවා. මෙම වෛරසය බහුලව පැතිරී ඇති චීනයේ වුහාන් ප්‍රාන්තයේ සිට පැමිණ ඇති මොවුන් සෙම්ප්‍රතිෂ්‍යාව සහ කැස්ස යන රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවයි වාර්තා වල සඳහන් වන්නේ.

මෙසේ ලොව පුරා පැතිර යන මෙම මාරාන්තික වෛරසය ශ්‍රී ලංකාව තුළට පැමිණීමේ අවධානම අවම කිරීමට ශ්‍රී ලංකා ගුවන් සේවය ප්යවර ගෙන තිබෙනවා. ගුවන් මගීන්ට සහ ගුවන් යානා කාර්ය මණ්ඩල සාමාජිකයන්ට එම වෛරසය ආසාදන අවදානම අවම කිරීම සඳහා පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ග රැසක් මේ වනවිට ගෙන ඇති බවයි එම ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. 

කොරෝනා වෛරසය පිළිබඳ මෙරට දැඩි අවධානයක් යොමු කළ යුතුව ඇත්තේ සංචාරකයන්, කම්කරුවන්, වෘත්තීකයන් ලෙස චීන ජාතිකයන් විශාල පිරිසක් වසරකට ශ්‍රී ලංකාවට පැමිණීම හේතුවෙන්. මේ සඳහා ආරක්ෂක පියවරක් ලෙස  කටුනායක, බණ්ඩාරනායක, ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් මෙරටට පැමිණෙන සියලුම මගීන් විශේෂ ස්කෑන් යන්ත්‍ර කිහිපයක් භාවිත කරමින් නිරීක්ෂණය කිරීම සිදුකෙරෙනවා. සියලු මගීන් අදාළ ස්කෑන් යන්ත්‍ර මගින් පොදුවේ නිරීක්ෂණයට ලක් කරන අතර, චීනයේ සිට පැමිණෙන ගුවන් මගීන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීම සිදුකරන බවයි ගුවන්තොටුපල බලධාරින් සඳහන් කරන්නේ. 

කෙරෝනා වෛරසය බිහි වූ වූහාන් නගරයේ මිලියන 11 ක ජනගහනයක් වෙසෙන අතර, එම නගරයට ඇතුළු වීම සහ පිටවීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් නගරය වසා දැමීමට චීන බලධාරින් පියවර ගත්තා. නවතම වාර්තා සඳහන් කරන්නේ චීනයේ හුඅංගෑන් නගරය ද කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් මේ වනවිට වසා දමා තිබෙන බවයි. මේ වන විට චීනයේ නගර 9 ක මගී ප්‍රවාහන කටයුතු අත්හිටුවා ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu