gossiplanka alexa ගිහාන් පිලපිටිය අත් අඩංගුවට ගැනීම වහාම නවත්වන්න ජනාධිපතිගෙන් උපදෙස්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගිහාන් පිලපිටිය අත් අඩංගුවට ගැනීම වහාම නවත්වන්න ජනාධිපතිගෙන් උපදෙස්

ජාතික නිදහස් පෙරමුණු නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී කියා සිටියේ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීම වහාම නවත්වන්න ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර ඇති බවයි. මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා නියෝග කර තිබුණා. 

මෙසේ විනිසුරුවරුන් අත්අඩංගුවට ගන්නැයි නියෝක කිරීමට නීතිපතිට බලයක් නැති බවත් අධිකරණයට මග පෙන්වීම සහ සහය වීම ඔහුගේ කාර්ය බවත් පවසමින් ඊයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ නීතීඥවරු පිරිසක් විරෝධතාවයක ද නිරත වුණා. ඒ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමට විරෝධය පල කරමින්. 

යම් හෙයකින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු වූයේ නම් එය මෙරට අධිකරණ ක්ෂේත්‍රයට බරපතළ වියවුලක් ඇති කරන බව ඊයේ විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu