gossiplanka alexa 'පක්ෂ නායකත්වය දෙන්නේ නැහැ, කැමතිනම් අගමැති අපේක්ෂක කම දෙන්නම්' - රනිල්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

'පක්ෂ නායකත්වය දෙන්නේ නැහැ, කැමතිනම් අගමැති අපේක්ෂක කම දෙන්නම්' - රනිල්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ  අතර ඊයේ දිනයේ පැවති විශේෂ සාකච්ඡාවක් කිසිදු එකඟතාවයකින් තොරව අවසන් වී ඇති බව ආරංචි මාර්ග පවසනවා. 

එහ් දී එක්සත් ජාතික පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට කිසිසේත්ම එකඟ විය හොහැකි බව රන්ල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.එහෙත්  මීළඟ මහ මැතිවරණය සඳහා බිහි කරන නව සන්ධානයේ නායකත්වය සහ අගමැති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට රනිල් වික්‍රමසිංහ මහතා එකඟතාවය පළ කර තිබෙනවා.

නමුත් සජිත් ප්‍රේමදාස මහත එහ් දී පවසා ඇත්තේ තමන් අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ නම් තමන්ට පක්ෂ නායකත්වයද ලැබිය යුතු බවයි. පක්ෂ නායකත්වය නොමැතිව මැතිවරණය මෙහෙයවා ජනාධිපත්වරණයේ දී මෙන් තමන්ට පරාජය විය නොහැකි බව ද සජිත් ප්‍රේමදාස මහතා එහි දී පවසා තිබෙනවා. 

පක්ෂ නායකත්වය ලබා දීමට නොහැකිනම්  අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී මැතිවරණය මෙහෙයවා ජයගන්නා ලෙස ලෙසද ඔහු නායකත්වයට දන්වා තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu