gossiplanka alexa පැය 48න් හමුදාවේ මැදිහත් වීමෙන් ලංකාවෙත් රෝහලක් ඉදි වේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පැය 48න් හමුදාවේ මැදිහත් වීමෙන් ලංකාවෙත් රෝහලක් ඉදි වේ

චීනයේ වුහාන් ප්‍රාන්තයේ සිටින සිසුන් පිරිස මෙරටට ‍රැගෙන විත් දියතලාව හමුදා කඳවුරු පරිශ්‍රයේ ‍රැඳවීමට තීරණයක් ගෙන තිබුණා. දැනට චීනයේ වූහාන් ප්‍රදේශයේ සිසු සිසුවියන් 33දෙනකු පමණ සිටින අතර ඔවුන් ආරක්ෂිතව මෙරටට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමද සූදානමින් සිටිනවා. 

එම ස්සුන් දියතලාව හමුදා කඳවුරට ගෙන්වීම සම්බන්ධයෙන් නොයෙක් ගැටළු පැන නැගුණා. එයට පිළියමක් වශයෙන් එරට සිටින සිසු සිසුවියන් මෙරටට ගෙනවිත් රඳවා තැබීමට  දියතලාව හමුදා කඳවුරු පරිශ්‍රයේ විශේෂිත වූ රෝහල් ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට යුද හමුදාව තීරණය කර තිබෙනවා.  ඒ දින දෙකක් ඇතුළත. 

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා ඇත්තේ විසබීජ පිටතට නොයන ලෙසට තනි තනි කාමර වශයෙන් මෙය ඉදිවන බව යි. 

මෙම මාරාන්තික වෛරසය දෙසතියක පමණ කාලයක් ශරීරයේ තිබී සක්‍රිය වන නිසා වූහාන් නගරයේ සිට සිසු සිසුවියන් පැමිණියහොත් දෙසතියක පමණ කාලයක් මෙම සුරක්ෂිත කාමරවල නේවාසිකව තැබීම සඳහා මෙම නව රෝහල් ගොඩනැඟිල්ල ඉදිකරන බවද යුද හමුදාව පවසනවා. 

මෙම රෝහල එක් එක් කාමරයක වෙන වෙනම වැසිකිළි කැසිකිළි පහසුකම් සහිතව ඉදිවනු ඇති බවයි හමුදා ආරංචි මාර්ග පවසන්නේ. 

කෙසේ වෙතත් වූහාන් ප්‍රදේශයෙන් කිසිවකුට පිටවීම සඳහා මෙතෙක් එරට රජයෙන් අවසර ලැබී නැහැ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu