gossiplanka alexa ජනපති අගමැති සීතල යුද්ධයක, ජනපතිගේ විද්වත් මණ්ඩලය පසෙකලා නෑදෑ හිත මිතුරන්ට තනතුරු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනපති අගමැති සීතල යුද්ධයක, ජනපතිගේ විද්වත් මණ්ඩලය පසෙකලා නෑදෑ හිත මිතුරන්ට තනතුරු

ක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසන්නේ අද වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ අතර සීතල යුද්ධයක් ඇති වී තිබෙන බව  යි. මේ හේතුවෙන් නාධිපතිවරයාගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන බව පෙනී යන බවද මන්ත්‍රීවරයා පවසනවා. මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

රජයේ ආයතන වලට ඉහළ තනතුරු සඳහා පත් කිරීමට ජනාධිපතිවරයා විසින් පත් කළ විද්වත් කමිටුව පසෙක තබා අද වන විට පවුලේ ඥාතීන් ඇතුළු හිතමිතුරන් පත් කිරීමට කටයුතු කරමින් සිටින බව ද ඔහු පවසනවා. ජනාධිපතිවරයා විසින් පත් කරන ලද විද්වත් කමිටුවක් පැත්තකට විසිකර නාමල් රාජපක්ෂ මහතාගේ මාමණ්ඩිය සහ රෝහිත රාජපක්ෂ මහතාගේ නැන්ද ශ්‍රී ලංකා ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගම අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු පිරිනමා ඇති බවයි මන්ත්‍රීවරයා පවසා සිටින්නේ.

රටේ යහපත් වෙනසක් බලාපොරොත්තුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවූ ජනතාවගේ බලාපොරොත්තු මේ වන විට කඩ වී ඇති බවද ඔහු සඳහන් කරනවා.





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu