gossiplanka alexa ජයලත් මනෝරත්නයන්ගේ ජිවිත කතාවෙන් බිඳක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජයලත් මනෝරත්නයන්ගේ ජිවිත කතාවෙන් බිඳක්

‘කෙසෙල් ගස්පේ මනතුංග ජයලත් මනෝරත්න’ හෙවත් කලා ලෝකයේ බොහෝ ගෞරවයට පාත්‍ර කවුරුත් දන්නා 'ජයලත් මනෝරත්න ශූරීන්' පවුලේ බඩපිස්සා ලෙස මෙලොව එළිය දු‍ටුවේ 1948 ජූනි 12වන දිනය. කුඩා කාලය ඉතා සතුටින්, අම්මා තාත්තාගේ පමණක් නොව අයියලා අක්කලාගේ අසීමිත ආදරයට වගේ ම අවධානට ලක් ව ගෙවුනා වූ ඔහුගේ සුන්දර ළමාවිය ඉතා අලංකාර කඳුවැටි අතරේ පිහිටි නුවරඑළිය දිස්ත්‍රික්කයේ දෙහිපේ නම් සුන්දර ග්‍රාමයේ ගත වූවකි. මෙතුමා වචනයේ පරිසමාප්තයෙන්ම ගැමියෙකි. ඔවුන්ගේ ජීවනෝපාය වූයේ ගොවිතැන යි. 

ඔහුගේ මුල් ම පාසල දෙහිපේ ප්‍රාථමික විද්‍යාලය යි.ශිෂ්‍යත්ව විභාගය සමත්වීමෙන් අනතුරුව පොරමඩුල්ල මධ්‍යමහා විද්‍යාලයට ඇතුළත් වූ එතුමා පාසල් නේවාසිකාගාරයේ ලැගුම් ගත්තා. අ.පො.ස සාමාන්‍ය පෙළ තෙක් මළල ක්‍රීඩා අංශයෙන් ඉදිරියට ගිය මෙතුමා එක් වසරක දී වසරේ ජ්‍යෙෂ්ඨ, විශිෂ්ටම ක්‍රීඩකයා බවට ද පත්වුණා.  මුල් ම වතාවට පාසල් වේදිකාවේ නාට්‍යයකට එතුමා සම්බන්ධ වන්නේ පාසලේ නාට්‍ය ගුරුතුමා වුණ සුනිල් ශ්‍රියානන්දයන්ගේ ‘අස්ප ගුඩුන්’ නම් පාසල් වේදිකා නාට්‍යයෙන්. පළාත් මට්ටමින් පැවැත්වුණු නාට්‍යය තරගාවලියේ දී අස්ප ගුඩුන් නාට්‍යය මධ්‍යම පළාතේ ප්‍රථම ස්ථානයට ද පත්වුණා. අවසන් තරගය පැවැතියේ කොළඹ ලුම්බිනියේ ය.  පොරමඩුල්ල මධ්‍ය මහාවිද්‍යාලයේ උගත් සමය ජීවිතේ ලද වටිනාම අත්දැකීම් හා හෙන්රි ජයසේන මහතාගේ හමුවීම සිදු වුණා. 

සොකරි, කිඳුරු නාට්‍ය ගමේ අතිප්‍රචලිත වූ අතර එකළ සමවයසේ මිතුරන් සමඟ මෙතුමා එම නාට්‍ය රසවිඳ තිබෙනවා. ඉන්පසු ඒවා අනුගමනය කිරීමෙන් නිවසේ නාට්‍ය රඟදැක්වීම ඔහුගේ විනෝදාංශය වුණා. එය ඔහුගේ නාට්‍ය කලාවේ ආරම්භය යි.

පාසල් අධ්‍යාපනය ඉතා හොඳින් අවසන් කළ මෙතුමා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් වුනා. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මුණගැසීම සිදුවන්නේ මෙහිදී වන අතර එය එතුමාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් බවට පත් වුණා.  එවකට පේරාදෙණියේ රඟදැක් වූ සෑම නාට්‍ය නිර්මාණයක් ම නැරඹූ මෙතුමා ඒවා තම නිර්මාණ ශක්තිය වැඩි කර ගැනීමට භාවිත කළා. 

විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ දී සරච්චන්ද්‍රයන්ගේ ‘ප්‍රේමතෝ ජායතී සෝකෝ’ නාට්‍යයට නවක නළුනිළියන් සොයන බව දැනගන්නට ලැබුණු පසු, එම සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වුණු එතුමා ගායන හැකියාව නිසා මුල් ම වටයෙන් චරිතයකට තෝරාගනු ලැබිණා. එතැන් පටන් ඔහුගේ වෙස්සන්තර, මහාසාර, කදාවළලූ, එලොව ගිහින් මෙලොව ආවා වගේ නාට්‍යය කිහිපයක රඟපැමට මෙතුමාට අවස්ථාව ලැබුණා.

විශ්ව විද්‍යාල ජීවිතය හමාර කළ මෙතුමා හඟුරන්කෙත පිරිවෙනක ගුරුවරයෙක් ලෙස කටයුතු කළ අතර කෙටි කලකින් රජයේ ලිපිකරු පත්වීමක් ලැබ නුවරඑළියේ සේවයට වාර්තා කළා. එහි සේවය කරන අතරතුර නිශ්ශංක දිද්දෙණිය මහතා හෙවත් විශ්ව විද්‍යාලයේ ඔහුගේ හොඳ ම මිතුරා නැවතත් මුණ ගැසුණු අතර ඔහු ඒ වනවිට සිංහබාහු නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟ දක්වමින් බොහෝ ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලද චරිතයක් බවට පත්වී සිට්යා. 

මනෝරත්න මහතාගේ රංගන හැකියාවන් ගැන හොඳින් දන්නා නිශ්ශංක දිද්දෙණිය මහතා රැකියාවේ ස්ථාන මාරුවීමක් ගෙන කොළඹට’විත් හෙන්රි ජයසේනයන්ගේ චිත්‍රසේන කලායතනයට සම්බන්ධ වන ලෙස ඔහුට ආරාධනා කලා. ඒ අනුව ඔහු රැකියාවේ ස්ථාන මාරුවීමක් ලබාගත්තා. ඉන්පසු ඔහු හෙන්රි ජයසේනයන්ගේ සති අන්ත පාඨමාලාවලට සම්බන්ධ වෙමින් රැකියාව ද හොඳින් කරගෙන ගියා. 

පසුකාලීනව සුගතපාල සිල්වා, දයානන්ද ගුණවර්ධන, ගුණසේන ගලප්පත්ති වැනි ප්‍රවීණයන් යටතේ නිර්මාණවලට දායක වෙමින් විෂය පිළිබඳ මනා දැනුමක් ලැබූ ඔහු ඒ සිද්ධීන් අතරේම ‘ප්‍රේමතෝ ජායතී සෝකෝ’ නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑ නිළිය වුණ තමරා ජයන්ති සිල්වා සමග දීර්ඝ කාලයක් තිබුණු පෙම් සබඳතාව ජයගනිමින් 1979 දී විවාහ දිවියට ඇතුළත් වුණා. ඉන්දීවරී සහ භානුක ඔවුන්ට ලැබුණු දරුවන්. 

ලිපිකරුවෙක් ලෙසට මුල් ම පත්වීම් ලැබූ මහවැලි අධිකාරියේ ඉහළ තනතුරක් දක්වා ගොස් පසුකාලීනව වසර දහසයක් සේවයකර රැකියාවෙන් ඉවත්, වී පූර්ණ කාලීනව රංගනය ම තෝරාගත් මෙතුමා වේදිකාවේ, සිනමාවේ මෙන් ම රූපවාහිනියේ රඟපාන අතරේ එතුමා ම රචනා කරමින් නිෂ්පාදනය කළ නාට්‍ය කිහිපයක් මවේදිකා ගත කර තිබෙනවා. තලමල පිපිලා, අන්දරේලා, ගුරු තරුව, පුත්‍ර සමාගම, බූරුවා මහත්තයා, සෙල්ලම් නිරිඳු වැනි වේදිකා නාට්‍ය කිහිපයකටම නිෂ්පාදන කාර්යයෙන් දායක වූ මනෝරත්න මහතා වේදිකා නාට්‍ය, සිනමාපට සහ ටෙලිනාට්‍ය ගණනාවකට රංගනයෙන් දායක වී රාජ්‍ය සම්මාන රැසක් හිමිකර ගෙන තිබෙනවා. 

 අත්දැකීම්වලින් බහුල එමෙන් ම ප්‍රවීණ රංගධරයන් අතුරින් රංගන විෂය පිළිබඳ දැනුමින් සවිශක්තිමත් යුග පුරුෂයෙක් වන ජයලත් මනෝරත්නයන් රෝගාතුරව සිට අවුරුදු 71 ක්ව සිටියදී  පසුගිය 12වන දින ජීවිත රඟ මඬලෙන් සමුගත්තේ කලා ලෝකයට මහත් හිඬසැක් එක් කරමින්.



























ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu