gossiplanka alexa රන්ජන්ගේ හඬ පට අන්තර්ජාලයට මුදා හැරි සැකකරුවෙක් ගෙන් ප්‍රශ්න කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රන්ජන්ගේ හඬ පට අන්තර්ජාලයට මුදා හැරි සැකකරුවෙක් ගෙන් ප්‍රශ්න කෙරේ

න්ජන් රාමනායක මහතාගේ දුරකථන සංවාද ප්‍රසිද්ඩ්ධ වීමත් සමඟම බොහෝ පිරිස් කලබලයට පත්ව තිබෙනවා. නොයෙක් දෙනා මේ පිළිබඳව චෝදනා කරන්නේ පොලීසියට. ඒ පොලිස් භාරයේ තිබූ හඬ පට අන්තර්ජාලයට පැමිණීම සම්බන්ධයෙන්. කෙසේ වෙතත්  එම හඬපට අන්තර්ජාලය ඔස්සේ ප‍්‍රසිද්ධ කළ බවට සැක කෙරෙන පුද්ගලයකු ගෙන් ප‍්‍රශ්න කිරීම ඊයේ (12 දා) ආරම්භ කළ බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පවසා ඇත්තේ. 

මොහු මෙය ව්‍යාපාරයක් ලෙස කරගෙන ගියාද එසේ නැතිනම් කිසිවෙකුගෙන් පළිගැනීමේ චේතනාවෙන් ප‍්‍රසිද්ධ කළා දැයි පොලිසිය ප‍්‍රශ්න කරගෙන යන අතර මෙම හඬපට දැන් බොහෝ අය අතට පත්වී තිබෙන බවද පොලිසිය කියයි. කෙසේ වෙතත් මෙම හඬ පට ප්‍රසිද්ධ කිරීම පිළිබඳ ඇතමුන්පොලීසියට නඟන චෝදනාවට පිළිතුරු දෙන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජාලිය සේනාරත්න මහතා කියා සිටින්නේ එවැන්නක් කිසිසේත්ම සිදු වී නොමැති බවයි. 

මෙම හඬපට පිටපත් පොලිස් භාරයට ගැනීමට පෙර පිටවී තිබෙන බවට සැකයක් ඇතැයි ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පවසා තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu