gossiplanka alexa දුමින්ද සිල්වා නඩු තීන්දුව දීමට පෙර අගවිනිසුරුතුමාට අමාත්‍යවරු දෙදෙනෙක්ගෙන් තර්ජන

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දුමින්ද සිල්වා නඩු තීන්දුව දීමට පෙර අගවිනිසුරුතුමාට අමාත්‍යවරු දෙදෙනෙක්ගෙන් තර්ජන

හිටපු අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් වෙත අමාත්‍යවරු දෙදෙනකු විසින් සිදු කරන ලද තර්ජනයක් සම්බන්ධයෙන් වාර්තා වී තිබෙනවා. ඒ 2018 වසරේ ඔක්තෝබර් 11  දින පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් ඒකමතිකව තහවුරු කර  දුමින්ද සිල්වා ඇතුළු පිරිසට මරණ දඬුවම හිමිකර දුන් මහාධිකරණ තීන්දුවට එරෙහිව සිදුකරන ලද අභියාචනයේ තීන්දුව සම්බන්ධයෙන්. පැවති රජයේ ඉහළ බලධාරියෙකු අමාත්‍යවරුන් තිදෙනකු වෙත ගොස් අවසන් තීන්දුව ඒකමතිකව ලබාගැනීම සඳහා අගවිනිසුරුවරයා හමුවී  බල කරන ලෙස පවසා තිබෙනවා. 

නමුත් ඉන් එක් අමාත්‍යවරයෙකු එකඟ නොවීම නිසා, අමාත්‍යවරු දෙදෙනකු විසින් අගවිනිසුරුවරයා වෙත මෙම බලපෑම සිදුකර ඇති බව පැවසෙනවා.

අදළ නඩු තීන්දුව ලබා දුන් දිනට පසුදා එනම් 2018 ඔක්තෝබර් 12  අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් සිය පදවියෙන් විශ‍්‍රාම ලබා ගත්තා.. කෙසේ වෙතත් සිය තීන්දුවෙන් මරණ දඬුවම නියමව සිටි එක් විත්තිකරුවෙකු වන පොලිස් නිලධාරී අනුර තුෂාර ද මෙල් නිදොස් කොට නිදහස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

යහපාලන රජය බලයට පත්වී දින කිහිපයක් ඇතුළත එවකට අගවිනිසුරු මොහාන් පීරිස් මහතා වෙත සිය තනතුරෙන් ඉල්ලා අස්වෙන ලෙස එම ආණ්ඩුවේ කණ්ඩායමක් තර්ජනය කර තිබුණා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu