gossiplanka alexa බෞද්ධ කොඩියක් එසවීම නිසා යාපනයේ නොසන්සුන්තාවයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බෞද්ධ කොඩියක් එසවීම නිසා යාපනයේ නොසන්සුන්තාවයක්

යාපන නගර මධ්‍යයේ යම් නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන ඇති බව යාපනයේ ප්‍රදේශවාසීන් පවසනවා. ඒ යාපනය නගර මධ්‍යයේ බෞද්ධ කොඩියක් එසවීම සම්බන්ධයෙන් යාපනය ප්‍රදේශවාසීන් ගේ විරෝධය හේතුවෙන්.

යාපනය බස් නැවතුම්පොළ මංසන්ධියේදී කුඩා ප්‍රමාණයේ බෞද්ධ කොඩියක් කිසියම් පිරිසක් විසින් ගසා ගොස් ඇති බවත් ඒ සම්බන්ධයෙන් ප්‍රදේශයේ යම් නොසන්සුන්කාරි තත්වයක් හටගෙන ඇති බවත් ප්‍රදේශවාසීන් පවසනවා.

දෙමළ ජාතික මහජන පෙරමුණ පක්ෂයේ නියෝජිතයින් පිරිසක්ද  බෞද්ධ කොඩිය ගසා ඇති ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පැමිණ බවයි වාර්තා වන්නේ.

ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පැවසූවේ ඊයේ(13) අලුයම කාලයේ කිසියම් පිරිසක් අදාළ කොඩිය ගසා ගොස් ඇති බවට සැක පළ කරන බවත් මේ පිළිබඳ දෙමළ ජනතාව අකමැත්තෙන් පසුවන බවත්ය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu