gossiplanka alexa ගෝඨාභය ජනාධිපති වීම පිළිබඳ බිය වූ හියුමන් රයිට්ස් වොච් වාර්තාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගෝඨාභය ජනාධිපති වීම පිළිබඳ බිය වූ හියුමන් රයිට්ස් වොච් වාර්තාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට

න්තර්ජාතික හියුමන් රයිට්ස් වොච් ආයතනය සිය නවතම වාර්තාව නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ නව පාලනය මෙන්ම පසුගිය පාලනයද දැඩි ලෙස විවේචනයට ලක්කර තිබෙනවා. එම වාර්තාව නිකුත් වී ඇත්තේ පසුගිය ජනවාරි 14 වැනිදා.  ඒ අනුව  2020 වර්ෂයට අදාළ නවතම වාර්තාවේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වෙනුවෙන් වෙන්කර ඇති පිටු 02 කින් යුත් කොටස ඔවුන් සිය වෙබ් අඩවිය ඔස්සේ හඳුන්වා දී ඇත්තේ ‘මිනිවළෙන් මානව හිමිකම් රැගෙන ඒම – නව පරිපාලනය විසින් සිවිල් ක්‍රියාකාරිකයන්ට, මාධ්‍යවෙත හා යුක්තිය ඉල්ලා සිටින වින්දිතයන්ට තර්ජනය කරමින් සිටියි’ යනුවෙන්. 

හියුමන් රයිට්ස් වොච් ආයතනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට සිය වාර්ෂික වාර්තාව  පසුගිය වසර ගණනාවකදීම ඉදිරිපත් කළේ ශ්‍රී ලංකාව පිළිබඳ අයහපත් ප්‍රතිරූපයක් නිර්මාණය කරමින්.  මෙවර වාර්තාවෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ 2019 වර්ෂයේදී ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු එරට මානව හිමිකම් ආරක්ෂා කිරීම බරපතළ අනතුරකට මුහුණ පා ඇති බව ත් නව අගමැතිවරයා වශයෙන් පත්වූ මහින්ද රාජපක්ෂගෙ 2005 – 2015 පාලන සමයේදී මානව හිමිකම් උල්ලංඝනය කිරීම සහ යුද අපරාධ සිදු කළ අයෙකු බවත් ය. එසේම එම වාර්තාවෙන් වැඩි දුරටත් පවසා ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව පසුගිය රජය සමයේ සිදුවූ ප්‍රහාරයන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවගේ නිවාස සහ ව්‍යාපාරවලට හානිවී ඇති බවයි. 

දේශපාලන රැකවරණ ඉල්ලා සිටිමින් පාකිස්තානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ සිටි 1000ක් පමණ වූ මුස්ලිම් ජනයාද රටතුළදී අතවරයට ලක්වූ බව එම වාර්තාවෙන් පවසා තිබෙනවා. එහි සඳහන් කර ඇති මානව හිමිකම් සුරැකීමට එරෙහි චෝදනා අතරට හමුදාපතිවරයා වශයෙන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා පත්කිරීමද පෙන්වා දී  තිබෙනවා. එම වාර්තාවෙන් සඳහන් කරන්නේ ඔහු පසුගිය යුද සමයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමට චෝදනා ලැබූවකු බවටය්. 

එසේම 2006 වර්ෂයේදී ත්‍රිකුණාමලයේදී සිදු කළ වෙඩි තැබීමකින් සිසුන් පිරිසක් ඝාතනය කිරීමේ චෝදනා ලැබූ පොලිස් නිලධාරීන් 13 දෙනකු 2019 ජූලි මාසයේදී ශ්‍රී ලංකා අධිකරණය විසින් නිදහස් කිරීම ආදී සිදුවීම් ගණනාවක්ද ශ්‍රී ලංකාවට එරෙහිව මානවහිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත මෙම වාර්තාවේ සටහන් කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu