gossiplanka alexa ගුවන් හමුදා යානය කඩා වැ‍ටුණු අයුරු ඇසින් දු‍ටුවන් කියූ කතා (PHOTO)

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගුවන් හමුදා යානය කඩා වැ‍ටුණු අයුරු ඇසින් දු‍ටුවන් කියූ කතා (PHOTO)

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 වර්ගයට අයත් ගුවන් යානයක්  හපුතලේ ප්‍රදේශයේදී ඊයේ (03) අනතුරට පත් වුණා. වීරවිල ගුවන් හමුදා කඳවුරේ සිට ගුවන් ගතව ඇති මෙම ගුවන් යානය ආවේක්ෂණ කටයුතු සඳහා යොදවා තිබු බවත් එහි ගුවන් හමුදා සාමාජිකයින් සිව්දෙනෙක් ගමන් කර ඇති බවයි ගුවන් හමුදාව සඳහන් කළේ. මෙම අනතුරෙන් එම ගුවන් හමුදා සාමාජිකයින් සිව්දෙනාම ජිවිතක්ෂයට පත් වුණා. ඒ  යානයේ නි යමුවන් දෙදෙනා සහ නිරික්ෂකයින් දෙදෙනායි.

මෙම සිදුවීම ඇසින් දුටු කාන්තාවක් ඒ පිළිබඳ මෙලෙස අදහස්  දක්වා තිබෙනවා. 

''මට ළමයි හතර දෙනෙක්‌ ඉන්නවා. ඒ අයත් එක්‌ක මිදුලේ අව්ව තපිමින් සිටියා. කවදාවත් නැතිව ගුවන් යානයක්‌ ගොඩක්‌ පාතින් එනවා දැක්‌කා. මම ළමයින්ට පෙන්වන්න කතා කළා. ඒ එක්‌කම ගුවන් යානය අපේ ගේ ඉස්‌සරහ තියෙන ගහක ගෑවුණා. එතකොට ගුවන් යානය ඇතුලේ ඉන්න අය අපිට පෙනුණා. එයින් එක්‌ අයෙක්‌ අත දාලා එහාට යන්න කියනවා තේරුණා.

ඒ එක්‌කම ගුවන් යානය අනෙක්‌ පැත්තට හැරුණා. ඉන් පසු අපේ ගෙදරට ඉස්‌සරහා ගෙදර ගහක වැදිල ලොකු සද්දයක්‌ ආව. ඒ එක්‌කම කළු දුමක්‌ එක්‌ක ගින්දර පිටවුණා. මම ළමයි ටික අරන් ගෙට දිව්වා. අහල පහල කට්‌ටිය ඇවිත් වතුර දාලා නිවන්න උත්සාහ කළා. හරිගියේ නෑ''

අදහස් දැක් වූ තවත් අයෙක් පවසා ඇත්තේ ''ඊයේ උදේ 9.15 ට විතර අපි ගෙදර ඉන්නකොට ගුවන් යානය ගෙට පහත් කරගෙන වගේ ආවා. මමත් පුතත්, නංගිත් ගෙදර බිම දිගාවුණා. අපි හිතුවා අපේ ගෙට ගුවන් යානය කඩාගෙන වැටෙයි කියලා. අපි දෙයියෝ සිහිකර ගත්තා. ඒ එක්‌කම වගේ මහා හඬකින් ගුවන් යානය කඩාගෙන වැටුණා.

අපේ ගෙදර වතුර ටැංකියේ වතුර බාල්දි, වෙනත් භාජනවලින් පුරවගෙන අහල පහල අයත් අපිත් ගුවන් යානයේ ගින්න නිවන්න පටන් ගත්තා. ඒ සමගම පොලිසිය, හමුදාව සහ විශාල පිරිසක්‌ මෙහේ ආවා.'' යනුවෙන්.






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu