gossiplanka alexa රන්ජන් රාමණායක අත් අඩංගුවට ගත්තේ ඇයි ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රන්ජන් රාමණායක අත් අඩංගුවට ගත්තේ ඇයි ?

ක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඊයේ පොලිස් අත් අඩංගුවට පත් වුණා. එහිදී මන්ත්‍රීවරයා සතුව තිබී තිබූ ඔහුගේ බලපත්‍රය අලුත් නොකරන ලද පිස්තෝලය සහ ඒ සඳහා යොදන ජීව උණ්ඩ 118 ප්‍රමාණයක් ඔහු සතුව තිබී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊට අමතරව එහි තිබී අසභ්‍ය සංයුක්ත තැටි කිහිපයක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර රජය අපහසුතාවයට පත් කිරීම සඳහා භාවිතා කළා යැයි සැක කෙරෙන තවත් සංයුක්ත තැටි කිහිපයක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙන අතර එය මෙසේයි. 

''පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට

නුගේගොඩ ගරු මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත අද දින සවස පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නිවස කොළඹ දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සෝදිසියට ලක් කරනු ලැබීය.

මෙම සෝදිසියේදී බලපත්‍ර නොමැතිව සන්තකයේ තබාගත් පිස්තෝල ගිනිඅවියක් හා එම අවිය සඳහා භාවිතා කරන උණ්ඩ 127ක් සැකකටයුතු ලේඛන කිහිපයක් සොයාගෙන ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රකාශ ලබා ගැනීම සඳහා මන්ත්‍රීවරයා කොළඹ දකුණ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් පැය 19.30ට පමණ අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාස
පොලිස් මූලස්ථානය
කොළඹ 01''

කෙසේ වෙතත් මෙම අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිතවාදී පිරිස් විසින්ද දැඩි නොසතුට පළ කරමින් සිටිනවා. 

සිය සමාජ ජාල ගිණුම්වල ඔවුන් සටහන් තබමින් ඇත්තේ රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීමට වඩා ප්‍රමුඛතාවය දී කටයුතු කළ යුතු මහා පරිමාණ දූෂිතයන් නිදැල්ලේ සිටින බවයි. 

මෙය මෙය පොලිසිය විසින් ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීම සඳහා සිදුකරන ලද්දක් බවටද එම පිරිස් චෝදනා කරනවා. 

මේ සම්බන්ධයෙන් සිංහලේ සංවිධානය විසින් ද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

''අද සවස් භාගයේ අමුතුම චිත්‍රපටයක් රඟ දක්වමින් කොලබ අපරාධ කොට්ටාශයට බබා හුකුන් පාර්ට් දමමින් අත්අඩංගුවට පත්වූ රන්ජන් රාමනායක අමාත්‍යවරයා පිලිබදව ගෙවීගිය පැය කිහිපයේදී ඔහු අත්අඩංගුවට ගැනීම පිරිසක් හෙලා දකිමින්ද තවත් පිරිසක් ආණ්ඩුව විසින් ජනතාවට විහිළු සැපයීමට යොදාගත් නාටකයක් ලෙසද හදුන්වමින් ක්‍රියා කරන ලදී .

මේ වනවිට අප සංවිධානයට ලැබී ඇති තොරතුරු අනුව තහවුරු වී ඇත්තේ රන්ජන් සතුව ගිනි අවියක් ජීව උණ්ඩ අසභ්‍ය CD පට පමණක් නොව ඊට වඩා විවිධ පුද්ගලයන්ට ඇමතුම් ලබාගත් බරපතල හඩපටද තිබී හසුවූ බවය . බැලූ බැල්මට අහිංසකයකු ලෙස පෙනුනද ඔහු විසින් ඇමතුම් ලබාගෙන ඇති පුද්ගලයන් හා කණ්ඩායම් ගැන ඔබට පැවසුවහොත් ඔබ බොහෝ විට ඒවා විශ්වාස නොකරන තත්වයකට පත්වනු ඇත .

රන්ජන් උසාවියේ විභාග වූ නඩු සදහා බලපෑම් කල අකාරය , විනිශ්චයකාරවරුන්ට ඇමතුම් ලබාදුන් ආකාරය , අපරාධ දෙපාර්තුමේන්තුවේ ශානි අබේසේකරට ඇමතුම් ලබා දී විමර්ශන වෙනස් කල ආකාරය ඇතුළු විවිධ පුද්ගලයන්ට තර්ජන ගර්ජන කරමින් මුදල් ගැරූ ආකාරයත් , මුදල් යහමින් ඇති කාන්තාවන් රවටා මුදල් ගැරූ ආකාරය ඇතුළු රටම කලබූ නඩු තීන්දුද ඒ අතර වේ . සම්පුර්ණ හඩ පට එක්ලක්ෂ පනස්දහසක් වෙන වෙනම CCD යේ විමර්ශන සදහා යොමුවී ඇති බව අප ඔබට විශ්වාසයෙන් කියමු .විමර්ශන මගින් ලැබෙන තොරතුරු ඉදිරි දිනයේදී ඔබට කියන පොරොන්දුවෙන් දැනට මාධ්‍ය නිවේදනය නතර කරන්නෙමි .

ප්‍රදීප් සංජිව
ජාතික සංවිධායක
සිංහලේ සංවිධානය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu