gossiplanka alexa රන්ජන් අත් අඩංගුවට ගැනීමත් සමඟ තවත් මන්ත්‍රීවරයෙක්ගේ සූදුවක් හෙළිවේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රන්ජන් අත් අඩංගුවට ගැනීමත් සමඟ තවත් මන්ත්‍රීවරයෙක්ගේ සූදුවක් හෙළිවේ

න්ජන් රාමනායක අත් අඩංගුවට ගැනීමත් සමඟ රට පුර නොයෙක් කතා බහ ඇති වී තිබෙනවා. ඇතමෙක් එය අසාධාරණ ලෙස දකින අතර තවත් අයෙක් එය සාධාරණ ලෙස දකිනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය විසින්නිවේදනයක්  නිකුත් කරතිබෙනවා. එම නිවේදනයෙන් තවත් මන්ත්‍රීවරයෙකුගේ අනුග්‍රහයෙන් පවත්වාගෙන යන නීති විරෝධී සූදුවක් පිළිබඳව ද අනාරවරණය කර තිබෙනවා.

එම නිවේදනය මේසේයි.බරපතල ගණයේ අපරාධ රටපුරා තවමත් ක්‍රියාත්මක වෙද්ද දේශපාලන පළිගැනීම් සදහා පාර්ලිමේන්තු මන්තිවරුන් අත්අඩංගුවට ගැනීම අප සංවිධානය තරයේ හෙළා දකිමු.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පිළිබද විවිධ විවේචන අප සංවිධානය සතුව ඇතත් මෙරට ජනතාව වෙනුවෙන් විවිධ අවස්ථාවල ඔහු නොබියව පෙනී සිටි චරිතයකි.

එබැවින් ජනතාවාදී දේශපාලන නායකයින් මෙවැනි වරදවල් මත අත්අඩංගුවට ගැනීමේදී රජය මීට වඩා සැළකිලිමත් නොවුනහොත් රජය ලද තැනම ලොප් වීමට ඉඩ ඇති බව මේ අවස්ථාවේ අවධාරණය කරමු.

රන්ජන් රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගත් මෙම අවස්ථාවේදී මේ රටේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ අනුග්‍රහය ලැබෙන නීති විරෝධී සූදුවක් පිළිබදව අප පොලීසියේ අවධාණය යොමු කරන අතර එම ස්ථාන වටලා නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය සමත් වුවහොත් ශ්‍රී ලංකා පොලීසිය ස්වාධින පොලීසියක් වනු ඇත.

අංක: 267, ගාලුපාර, කොළඔ 03 යන ලිපිනයේ මුලස්ථානය පිහිටි Sporting Times ආයතනය සහ මෙරට අමාත්‍යවරයෙකුගේ පවුලකට අයත් Sporting star ආයතනය හා Leisure Sport ආයතන සතුව රටපුරා සුදු මධ්‍යස්ථාන 412 කට අධික සංඛ්‍යාවක් දිවයින පුරා පවත්වාගෙන යනු ලබයි. 1930 අංක 9,  1930 අංක 29 හා 1943 අංක 55 දරණ සූදු ආඥාපනත අනුව සජීවි අශ්වරේස් සදහා ඔට්ටු ලබා ගැනීමට මෙම මධ්‍යස්ථානවලට බලය ලැබී තිබුනද වර්තමානයේ මෙම සමාගම මෙම සූදු මධ්‍යස්ථානවලදී ක්‍රිකට් ක්‍රීඩාව පාපන්දු ක්‍රීඩාව සහ වෙනත් ක්‍රීඩා සදහා ඔට්ටු ලබා ගැනීම සිදු කරනු ලබන අතර පරිගණක මෘදුකාංගයක් මගින් සාදන ලද (Animation) සජීවී නොවන අශ්ව සහ සුනඛ රේස් සදහාද ඔට්ටු ලබා ගැනීම සිදුකරනු ලබයි(TRUCK SIDE) එසේ ඔට්ටු ලබා ගැනීම නීතිවිරෝධීවේ
ඉහතතින් අප පෙන්වා දුන් මධ්‍යස්ථාන පොලීසිය විසින් වටලන තෙක් අප සංවිධානය දෑස් දල්වා බලා සිටිමු.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu