gossiplanka alexa ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන් - ප්‍රදේශ ‍රැසක ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 70% ඉක්මවයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන් - ප්‍රදේශ ‍රැසක ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 70% ඉක්මවයි

ද උදෑසන 7ට ආරම්භ වී පස්වරු 5ට අවසන් වූ7 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේ කටයුතු ඉතා සාර්ථක අයුරින් සිදු වූ බව වාර්තා වනවා. ඡන්ද දායකයින් ඉතා උනන්දුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණීම උදෑසන සිටම දක්නට ලැබුණා. 

ඒ අනුව ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය ඉහළ මට්ටමක පැවති බවයි තොරතුරු වාර්තා වන්නේ. පස්වරු 4.30 පමණ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 80% ඉක්මවා තිබුණා. මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමද 75% ක අගයක් ගන්නා බවයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා සඳහන් කළේ.  මාතර 72% ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වී ඇති අතර, යාපනයෙන් 65% ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වී තිබෙනවා.

එමෙන්ම, කිලිනොච්චිය, මාතලේ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීමද 70% ඉක්මවා ඇති බවයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් කියා සිටියේ. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 82% ක් පමණ වන බව තේරීම් භාර නිලධාරී එන්.ඒ.ඒ.පුෂ්පකුමාර සඳහන් කළේ.

ඡන්ද මධ්‍යස්ථාන 12,845 ක පැවති ඡන්ද විමසීම සඳහා  සුදුසුකම් ලබා සිටි ඡන්දදායකයින් සංඛ්‍යාව එක්කෝටි පනස් නව ලක්ෂ අනූ දෙදහස් අනූ හයක්. ඡන්ද විමසීම නිමවීමෙන් අනතුරුව ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමට නියමිතව තිබෙනවා. 







ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu