gossiplanka alexa අධිවේගී මාර්ග බස්‌ රථවල ප්‍රවේශ ගාස්‌තු පහළට - මඟී ගාස්තු සංශෝධනයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අධිවේගී මාර්ග බස්‌ රථවල ප්‍රවේශ ගාස්‌තු පහළට - මඟී ගාස්තු සංශෝධනයක්

ප්‍ර වාහන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී  ඇමැති අර්ජුන රණතුංග මහතා කියා සිටියේ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා අන්තර් පළාත් බස්‌රථවල ගමන් ගාස්‌තු ඊයේ (15 දා) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කෙරුණු බවයි.

එම බස්‌ ගාස්‌තු අඩුවීම රුපියල් 10 ත් 20 ත් අතර ප්‍රමාණයකින් සිදු කෙරෙන බවයි අමාත්‍යවරයා එහි දී කියා සිටියේ.

අමාත්‍යවරයා මෙහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ මහා මාර්ග අමාත්‍ය කබීර් හෂීම් ඇමැතිතුමා 2019 නොවැම්බර් මස 08 වැනිදා නිකුත් කළ අති විශේෂ ගැසට්‌ පත්‍රයෙන් අධිවේගී මාර්ගවල ගමන් කරනා බස්‌ රථවල ප්‍රවේශ ගාස්‌තු අඩුකර තිබෙන බවත් ඒ අඩු කිරීම රුපියල් 600 ත් 500 ත් අතර ප්‍රමාණයක්‌ වන බවත් ය.

එම අඩු කිරීමේ වාසිය මගී ජනතාවට ලබාදීමේ අරමුණින් සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කර ‌15 වනදා මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බස්‌ රථවල මගී ගමන් ගාස්‌තු ද අඩු කිරීමට අපි තීරණය කළ බව අමාත්‍යවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu