gossiplanka alexa කෝටි ගණන් මුදල් දේපළ අහිමි කරන නීති විරෝධී ජනාධිපතිවරණ ඔට්‍ටු ඇල්ලීම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කෝටි ගණන් මුදල් දේපළ අහිමි කරන නීති විරෝධී ජනාධිපතිවරණ ඔට්‍ටු ඇල්ලීම්

බුද්ධි අංශ වෙත ලැබී ඇති තොරතුරු අනුව වාර්තා වන්නේ මෙවර ජනාධිපතිවරණයෙන් ජයගන්නා අපේක්‍ෂකයන් සඳහා රුපියල් කෝටි ගණන් මුදලින් සහ දේපළවලින් ඔට්‌ටු ඇල්ලීම ඉතාම ශීඝ්‍රයෙන් ඉහළ ගොස්‌ ඇති බවයි. සංවිධානාත්මක පිරිස්‌ මෙන්ම ඔට්‌ටුකරුවන් විසින් මෙම ඔට්‌ටු ඇල්ලීම රට පුරාම ක්‍රියාත්මක කර ඇති බව එම වාර්තාවල සඳහන්. ඒවා ඇතැම් අවස්‌ථාවල ප්‍රසිද්ධියේ මෙන්ම රහසිගතවද සිදුවන බව යි එහි සඳහන් වන්නේ.

මෙම ඔට්‌ටු ඇල්ලීම මෙවර ජනාධිපතිවරණයේ කුප්‍රකට අංගයක්‌ බවට පත්ව ඇති බවත් අදාල ඔට්‌ටු ඇල්ලීම් විශාල වශයෙන් සිදුවන්නේ මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනකු වෙනුවෙන් බවත්වාර්තා වනවා. 

ඇතැම් පුද්ගලයන් මෙවර ජනාධිපතිවරණයේ තමන් යෝජනා කරන අපේක්‍ෂකයා ජයග්‍රහණය කරන බවට රුපියල් කෝටි ගණනින් මුදල් ඔට්‌ටු සඳහා වෙන්කර ඇති අතර ඇතැමුන් ඒ සඳහා ඉඩකඩම්, නිවාස, යාන වාහන ඇතුළු තවත් වටිනා දේපළ ඔට්‌ටු අල්ලා තිබෙනවා. රත්නපුර, මහනුවර, කොළඹ, කෑගල්ල, ගම්පහ, ගාල්ල, මාතර, කුරුණෑගල ප්‍රදේශවල මෙම ඔට්‌ටු ඇල්ලීම් ඉතාම ශීඝ්‍රයෙන් ප්‍රචලිත වී ඇති අතර කොළඹින් දුර බැහැර ප්‍රදේශ රැසකද මෙවැනි ඔට්‌ටු ඇල්ලීම් බහුලව සිදුවන බවට තොරතුරු බුද්ධි අංශ වෙත ලැබී තිබෙනවා.

මැතිවරණ සමයේදී අදාළ ඔට්‌ටු තැබීම් නීතියෙන් වලංගු නොවන්නක්‌ වුවත් විවිධ ප්‍රදේශවල විවිධ මට්‌ටමේ පුද්ගලයන් අප්‍රසිද්ධියේ මෙන්ම ප්‍රසිද්ධියේ මෙම ක්‍රියාවන් සිදුකරගෙන යන බව යි වාර්තා වන්නේ. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu