gossiplanka alexa සිසුවියන් හත් දෙනෙකු අපයෝජනයට ලක් කල විදුහල්පති සිරමැදිරියට - බිරිඳ එම පාසලේම ගුරුවරියක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සිසුවියන් හත් දෙනෙකු අපයෝජනයට ලක් කල විදුහල්පති සිරමැදිරියට - බිරිඳ එම පාසලේම ගුරුවරියක්

කොත්මලේ කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන දමිළ පාසලක සිසුවියන් හත් දෙනෙකු අපයෝජනය කළේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොත්මලේ පොලීසිය මඟින්   එම විදුහලේ විදුහල්පතිවරයා සැක පිට අත්අඩංගුවට ගෙන අද (09) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

අද කොත්මලේ හෙල්බොඩ සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණයේ මහෙස්ත්‍රාත් චාන්දනී මිගොඩ මහත්මිය වෙත සැකකරු නැවත ඉදිරිපත් කල පසු එම විදුහල්පතිවරයා යළිත් මේ මස 23 දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. 


එම විදුහලේ 7,8,9,10 යන ශ්‍රේණි වල අධ්‍යාපනය ලබන සිසුවියන් හත් දෙනෙකු අවස්ථා කිහිපයකදී විදුහල්පතිවරයා විසින් වරින් වර අපයෝජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොත්මලේ පොලීසියට ඉකුත් 7 වෙනිදා පැමිණිල්ලක් ලැබුණා.

ඒ අනුව පොලීසිය මඟින් විදුහල්පතිවරයාව සැකපිට අත්අඩංගුවට ගෙන එදිනම නාවලපිටිය වැඩ බලන මහෙස්ත්‍රාත් මාස්වෙල මහත්මිය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුව අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබුණා.

අපයෝජනයට ලක් වු බව යැයි කියන සිසුවියකට උදරයේ අමාරුවක් ඇති වි තිබුණ අතර පසුව ඇය විසින් උදරයේ අමාරුව ඇති වීමට හේතුව වශයෙන් සිය මවට පවසා ඇත්තේ විදුහල්පතිවරයා විසින් තමන්ව වරින් වර අපයෝජනයට ලක් කල බවයි.

තම පාසලේ තවත් සිසුවියන්  කිහිප දෙනෙකු විදුහල්පතිවරයා විසින් අපයෝජනය කරන බවට රෝගාතුර වු සිසුවිය පැවසීමෙන් අනතුරුව එම සිසුවියන්ගෙන්ද කොත්මලේ පොලීසිය විසින් පැමිණිලි සටහන් කර ගත්තා. ඉන්පසු සිසුවියන් හත්දෙනාම අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ගම්පොල මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබුණා.

විදුහල්පතිවරයාගේ බිරිඳ ද එම විදුහලේ ගුරුවරියක් වශයෙන් සේවය කරන බවත්, විදුහල්පතිවරයා විසින් අපයෝජනය කළේ යැයි කියන සිසුවියන් විසින් අවස්ථා කිහිපයකදී පැමිණිලි කළත් ඒ පිළිබඳව විදුහල්පතිගේ බිරිඳ කිසිදු පියවරක් නොගත් බවත්, සිසුවියන් විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu