gossiplanka alexa ජනාධිපතිවරණයට පෙර ආණ්ඩු පෙරළියක් ? එජාපයේ පිරිසක් මහින්ද සමඟ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනාධිපතිවරණයට පෙර ආණ්ඩු පෙරළියක් ? එජාපයේ පිරිසක් මහින්ද සමඟ

පාර්ලිමේන්තුවේ බහුතරය සකස් කර නව ආණ්ඩුවක් පිහිටුවීම සදහා එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීන් හා එක්සත් ජාතික පෙරමුණ සමග සිටින තවත් පක්ෂ කිහිපයක්ද සමග පොදුජන පෙරමුණේ ඉහලම පෙලේ සාකච්ඡා සිදුව ඇති බව වාර්තා වනවා. ජනාධිපතිවරණ කටයුතු අතරතුරදීම  මෙම පිරිස මහින්ද රාජපක්‍ෂ මහතා සමග එක්වීම සිදුවනු ඇති බව ද ඔවුන්  පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ වේදිකාවට ගොඩවනු ඇති බවත් එකී ආරංචි මාර්ග තව දුරටත් කියා සිටිනවා. එසේම ඉදිරි ජනාධිපතිවරණයට පෙර හෝ පසු මෙම නව ආණ්ඩුව පිහිටුවීම සඳහා තීරණාත්මක සාකච්ඡා වට කිහිපයක් පැවැත්වී ඇති බව වාර්තා වන්නේ. 

ඉහළ පෙළ දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරන්නේ ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගත් පසු එදිනම මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කර නව ආණ්ඩුවක් පිහිටුවීමට සූදානමක් ඇති බවයි. එහි මුල් පියවර ලෙස එජාපය සමග සිටින සුළු පක්‍ෂයක් එළැඹෙන දින කිහිපයේදී පොහොට්ටු වේදිකාවට ගොඩවන බවද පොදුජන පෙරමුණේ ප‍්‍රබලයෙකු පවසනවා.

ඒ අනුව ජනාධිපතිවරණයට පෙර ආණ්ඩු පෙරළියක්ද ඇතැම්විට බලාගත හැකි වනු ඇති බවත් කී ඔහු එසේ නොවන්නේ නම් ජනාධිපතිවරණයෙන් පසු දිනම එය සිදුවන බවද පැවසුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu