gossiplanka alexa පොහොට්ටුව සමඟ සන්ධානගත වීමට ජනාධිපතිගෙන් කරුණු තුනක් - කවුරු දිනුවත් ජනපතිට ලොකු පු‍ටුවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පොහොට්ටුව සමඟ සන්ධානගත වීමට ජනාධිපතිගෙන් කරුණු තුනක් - කවුරු දිනුවත් ජනපතිට ලොකු පු‍ටුවක්

https://www.gossiplanka.com/2019/10/president-after-election.html
නාධිපතිවරණයෙන් පසුව තමන් දේශපාලනයෙන් විශ්‍රාම නොයන බව සිරිසේන මහතා දැනටමත් ප්‍රකාශ කර තිබෙනවා.  ජනාධිපතිතුමාගේ දේශපාලන හිතවතුන් ඔහුට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙසද යෝජනා කර තිබෙන බවද වාර්තා වනවා.

ඉතාම විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියා සිටින්නේ ශ්‍රීල.නි.ප.ය කවර දේශපාලන පක්ෂයක් සමඟ සන්ධාන ගත වුවද වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මහවැලි හා පරිසර විෂයට අදාළ ඉහළ පෙළේ රාජ්‍ය තනතුරක් හිමිවනු ඇති බවයි. 


පොහොට්ටුව සමඟ සන්ධාන ගතවීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර පැවැති හමුවේදී ජනාධිපතිවරණයෙන් පසුව ජනාධිපතිවරයාට අවශ්‍ය කුමක්ද යන ප්‍රශ්නය ඍජුවම විමසා ඇත. එහෙත් ජනාධිපතිවරයා ඊට ඍජු පිළිතුරක් නොදී කරුණු තුනක් සඳහන් කර තිබුණු බව සඳහන්. 

ශ්‍රීල.නි.ප. මන්ත්‍රීන්ට නාමයෝජනා ලබාදීම, දක්ෂ ශ්‍රීල.නි.ප. සංවිධායකයන්ට නාමයෝජනා ලබාදීම සහ ශ්‍රීල.නි.ප. ප්‍රාදේශීය සභා මන්ත්‍රීන්ට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සැපයීම එම ඉල්ලීම් තුනයි. ඒ හැර ඡන්ද අපේක්ෂකයන් සාධාරණ අනුපාතයක් අනුව බෙදී යා යුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

කෙසේ හෝ ලබන මාසයේ 17 වැනිදායින් පසු ජනාධිපති ධුරයෙන් සමුගැනීමට නියමිත ජනාධිපතිවරයා මහවැලි හා පරිසර විෂයට අදාළව ඉහළ පෙළේ තනතුරකට පත්වනු ඇතැයි ජනාධිපති මන්දිර ආරංචි මාර්ග කියයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu