gossiplanka alexa මොකද්ද මේ ගැබ්බර ඇතින්නියෝ හත් දෙනෙක් බිල්ලට දෙන හස්තිමේඝ යාගය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මොකද්ද මේ ගැබ්බර ඇතින්නියෝ හත් දෙනෙක් බිල්ලට දෙන හස්තිමේඝ යාගය

ක්‍රි. පූ. 327 දී මහා ඇලෙක්සැන්ඩර් රජු ඉන්දියානු ආක්‍රමණයට මුල පිරුවා. ඒ වන විට පෞර රාජ්‍යය පාලනය කළේ පුරුෂෝත්තම් හෙවත් පෝරස් රජු.  ඇලෙක්සැන්ඩර්ගේ බලපරාක්‍රමය දන්නා ඇතැම් ප්‍රාන්ත කුමාරවරු සහ පාලකයෝ පෝරස් රජු අතහැර  ඇලෙක්සැන්ඩර් රජුට සහාය පළ කලා.

ඒ විතරක් නෙමේ රජු සමීපයේ සිටි පූජකයෝ ද සතුරාට අවශ්‍ය පරිදි පෝරස් රජුගේ සේනාවේ යුද ශක්තිය දුර්වල කිරීමට කටයුතු කළා.

එහි දී සතුරාගේ ඉලක්කය වූවේ ඇත් සේනාංකය බිඳ දැමීම. ඒ කියන්නේ මේ  ද්වන්ධ සටනේ දී දළවල විස තවරාගෙන සතුරා සමග සටනට යවන ඇත් බලකායෙ බලය බිඳ දැමීම. මේ වන විටත් ඇත් බළකාය සතුරාට බලවත් හානි සිදුකරමින් හා පහර දෙමින් ඉදිරියටම යමින් සිටියා.

හස්ති සේනාවක් සමග මීට පෙර සටනකට එළඹ නොතිබූ ඇලෙක්සැන්ඩර් රජුට යුද ජයග්‍රහණය සඳහා එය ප්‍රබල අභියෝගයක් වුණා. මේ වෙලාවෙදි තමයි මිථ්‍යා විශ්වාසයන් මත කටයුතු කරන පූජකයෝ පෝරස් රජු යුද්ධයෙන් ජයග්‍රහණය කිරීමට නම් ඇතුන් දහසක බිලි පූජාවක් කළ යුතු බව පැවසුවේ.

මෙම කූට උපාය අවබෝධ කරගත් ප්‍රධාන සෙන්පතියා ඒ මහා අපරාධය වැළැක්වීම පිළිබඳ  ක්‍රමවේදයක් කල්පනා කළා.  අවසානයේ ඔහු රජුට පවසා සිටියේ බිලි දිය යුතු හස්තීන් දහස වෙනුවට හස්තීන් දහසකගේ ගුණ ඇති එක මව් ඇතින්නියක මරා බිලි දීම සුදුසු බවයි. ඉන් පූජකයන්ගේ අභිප්‍රාය ඉෂ්ඨ නොවන නිසා ඔවුන් එයට විරුද්ධ වුණා.

එහෙත් රජතුමා බුද්ධිමත්ව කාරණය අවබෝධ කරගෙන සෙන්පතියාගේ අදහසට එකඟ වූණා. ඒ බව දැනගත් පූජකයෝ අඩුම තරමේ මව් ඇතින්නියන් හත් දෙනකුවත් බිලි දිය යුතු බවත් නැති නම් දේව උදහසට ලක්විය හැකි බවත් කියා සිටියා. අවසානයේ රජු ඊට එකඟ වූණා.

ඇලෙක්සැන්ඩර් රජු ඇතුළු සේනාව හා පෝරස් රජු ඇතුළු සේනාව මහා යුද්ධයක් සිදු කළා. ඉන් ජීවිත දහස් ගණනක් අහිමි වුණා. අවසානයේ මහා ඇලෙක්සැන්ඩර් රජු යුද ජයග්‍රහණය ලැබුවා.

ඒ වුණත් පෝරස් රජුගේ එඩිතර බව හා රණකාමීත්වය පිළිබඳ පැහැදුණු ඇලෙක්සැන්ඩර් රජු පෝරස් රජුට රාජ්‍යය අහිමි කළේ නැහැ.  සාමකාමීව අවසන් තීරණයකට එළැඹි ඇලෙක්සැන්ඩර් රජු පෝරස් රජුටම රාජ්‍ය පාලනය භාර දුන්නා.

පෝරස් රජුට නැවතත් රාජ්‍යත්වය හිමි වූවේ හස්ති මේඝ යාගය හෙවත් ගැබ්බර ඇතින්නන් හත් දෙනෙකු බිලි දීම නිසා බව පූජකයෝ සමාජගත කළා.

ඒ විදියට අභිචාරයක් ලෙස පැවත එන හස්තිමේඝ යාගය අදද ඇතැම් දීන පුද්ගලයෝ විශ්වාස කරනවා. හස්ති මේඝ යාගයේ අතීත කතාව තමයි ඒ.

මෙපමණ කලක් එවන් වූ යාගයක් ලංකා සමාජයේ සිදුව නොතිබිණ ද කුකුළන් බිලි දීම, එළුවන් බිලි දීම, ගවයන් බිලි දීම වැනි බිලි පූජා වර්ග නම් දක්නට ලැබුණා. එහෙත් ඉන්දියානු සමාජයේ යම් යම් පූජක පිරිස් අදටත් මෙවන් වූ අභිචාරයන් රහසිගතව සිදුකරනවා.

එ​සේම හින්දු සමාජයෙන් දායාද වූ එවැනි අභිචාරයන් ලංකාවේ වෙසෙන ප්‍රාථමික ජනතා කොට්ඨාස වන අහිගුණ්ඨික ජනතාව හා රොඩී ජනතාව අතර රහස් ලෙස රැකී තිබෙනවා. ඔවුන් ඒවා පාරම්පරික දායාද ලෙස සලකා කටයුතු කරනවා. සිය කර්ම ඵලයන් විශ්වාස නොකරන ඇතැම් පුද්ගලයන් එවැනි ප්‍රාථමික ජනතාව හරහා හින්දු පූජකවරයන් මගින් සිය ආරක්ෂාව තහවුරු කරගැනීමට, බලය වැඩි කරගැනීමට හා වෙනත් අපේක්ෂාවන් ඉටුකරගැනීමට එවන් වූ පූජා විධි සිදුකර ගන්නවා. ඉන්දියාවේ ගල් බමුණෝ ඇතැම් විට මෙබඳු යාගයක් කරන්නට යැයි කෙනෙකුට උපදෙස් දීමට වුවද පැකිලෙන්නේ නැහැ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Close Menu