gossiplanka alexa ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ සමස්ථ ඡන්ද ප්‍රතිපලය ප්‍රකාශ කෙරේ - පොහොට්‍ටුවට විශිෂ්ඨ ජයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ සමස්ථ ඡන්ද ප්‍රතිපලය ප්‍රකාශ කෙරේ - පොහොට්‍ටුවට විශිෂ්ඨ ජයක්

ල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්ද විමසිම අද (11) පස්වරු 4.00ට අවසන් වුනා. මැතිවරණය ඉතා සාමකාමිව කිසිදු ප්‍රචන්ඩ ක්‍රියාවක් හෝ මැතිවරණ නිති උල්ලංඝනය කිරිමකින් තොරව අවසන් වු බවදදිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයා සදහන් කළා.

මෙහිදී ඡන්දය ප්‍රකාශය කිරීමේ ප්‍රතිශතය සියයට 70ක් බව ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී සෝමරත්න විදාන පතිරණ ප්‍රකාශ කර සිටිනවා.  ඇල්පිටිය  ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්දවිමසිම ඡන්ද මධ්‍යස්ථාන 47ක දි පැවති අතර ජනතාව දැඩි උනන්දුවෙන් යුතුව ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවා. ඇල්පිටිය  ප්‍රාදේශීය සභාව සදහා කොට්ඨාශ මට්ටමින් නියෝජිතයින් 17 දෙනෙකු හා දෙවැනි ලැසිස්තුවෙන් නියෝජිතයින් 11 දෙනෙකු සමග 28 දෙනෙකු තොරාපත්කර ගැනිමට නියමිතව තිබෙනවා.


අවිත්තාව, ඕමන්ත, මැටිවිලිය, ඉඳිපලේගොඩ, අමුගොඩ, කැටන්දොළ, ඇල්පිටිය, නවදගල, බටුවන්හේන, තලාව, කුඩාගල, කදිරන්දොළ, වල්ලඹගල, පිටුවල, ඇල්ල අම්බනකහදූව, පිනිකහන  තිබ්බොටුවාව යන ඡන්ද කොට්ඨාශ 17කින් ඇල්පිටිය  ප්‍රාදේශීය සභාව සමන්විත වනවා.

මේ අනුව සමස්ථ ඡන්ද ප්‍රතිපලය දැන් ප්‍රකාශ කර තිබෙනවා. එම නිල ප්‍රතිපලය අනුව ඡන්ද කොට්ඨාශ 17ම ජය ගනිමින් ඇල්පිටිය ප්‍රාදේශ්හිය සභාවේ බලය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව තිබෙනවා. එම පක්ෂය ලබා ගත් සමස්ථ ඡන්ද සංඛ්‍යාව 23,372යි. ඒ අනුව ශ්‍රී ලංකාපොදුජන පෙරමුණ හිමිකරගෙන තිබෙන සභික ධූර සංඛ්‍යාව 17ක්.

එක්සත් ජාතික පක්ෂය ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 10,113ක් . ඒ අනුව එම පක්ෂයට හිමිවන්නේ සභික ධූර 7කි. එක්සත් ජනතා නිදහස් සංධානය ඡන්ද 5,273ක් හිමිකරගෙන තිබෙනවා.  ඒ අනුව ඔවුන්ට හිමිවන සභික ධූර සංඛ්‍යාව 3ක්. ජනතා විමුක්තිපෙරමුණ ඡන්ද 2,435ක් ලබාගෙන සභික ධූර 2ක්   හිමිකරගෙන තිබෙනවා.

ඒ අනුව ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය පොදුජන පෙරමුන හිමිකර ගෙන තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu