gossiplanka alexa ජනාධිපතිවරණය අවසන් වන තෙක් ගෝඨාට නඩු නැහැ - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනාධිපතිවරණය අවසන් වන තෙක් ගෝඨාට නඩු නැහැ - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණයක්

සුගිය රජය සමයේ ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වරයාව සිටිමින් රාජ්‍ය මුදල් අවභාවිතය කරමින් ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකලේ යයි චෝදනා කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නඩුවක් පවරා තිබුණා.

එම නඩුව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වීමට තීරණය වුණා. නමුත් එම නඩුව දෙසැම්බර් මස 10 වන දින දක්වා අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද නියෝග කර තිබෙනවා.

අදාල නඩුව නඩු විභාගය කිරීමට මෙම අධිකරණයට බලයක් නැති බව ප්‍රකාශ කරමින් රාජපක්ෂ මහතා විසින් ගොනුකර තිබූ අභියාචනයක් සලකා බලමින් එම නියෝගය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව රාජපක්ෂ මහතාගේ නඩුව කැඳවනු ඇත්තේ මීළඟ ජනාධිපතිවරණයෙන් පසුවයි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu