gossiplanka alexa ගෝඨා ජනාධිපතිවරණයට පැමිණීම වළක්වන්න රාජිත,ජවිපෙ නඩු දමයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගෝඨා ජනාධිපතිවරණයට පැමිණීම වළක්වන්න රාජිත,ජවිපෙ නඩු දමයි

මෙරට ජනාධිපතිවරණයට තරග කිරීම සදහා අවශ්‍ය සුදුසුකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් සපුරා නොමැති බව පෙන්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට හෙට (07) දිනයේ තවත් රීට් පෙත්සම් හතරක් ගොනු කිරීමට කටයුතු සූදානම් කර ඇති බවට වාර්තා වනවා. 

ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය නිසි පරිදි ඉවත් කර නැති බවත් එනිසා ඔහු තව දුරටත් ද්විත්ව පුරවැසියෙකු බවත් මෙමගින් වෙන්වා දීමට නියමිත බවයි සඳහන් වන්නේ. 


මේ අතර ඇමති රාජිත සේනාරත්න මහතා ද සදහන් කලේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසි භාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරන බවයි. අභියාචනාධිකරණය හමුවේ  ගොනු කරන ලද පෙත්සම මගින් ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය සනාථ වූ බවද ඔහු කියා සිටිනවා. 

19 සංශෝධනය අනුව කිසිදු ද්විත්ව පුරවැසි මෙරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ හැකියාවක් නැති බවද පැවසූ ඇමතිවරයා ජනතා විමුක්ති පෙරමුණ විසින්ද ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරනු ඇතැයිද පවසා සිටියා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu