gossiplanka alexa නිධානයක රන්කාසි ලබා ගැනීමට ගොස් වංචාකරුවන්ට හසු වූ ක්‍රිකට් තරුව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නිධානයක රන්කාසි ලබා ගැනීමට ගොස් වංචාකරුවන්ට හසු වූ ක්‍රිකට් තරුව

නිධානයක රන් කාසි බව කියමින් මරංචි විකුණන්නට ආ ජාවාරමුන් දෙදෙනකු කැලණිය කොට්ඨාස පොලිස් අපරාධ ඒකකය විසින් අල්ලා ප්‍රශ්න කිරීමේදී හෙලිවී ඇත්තේ නිධානයකින් හාරා ගත් කාසි කිලෝ දෙකක් දෙන බව කියා හිටපු ක්‍රිකට් තරුවකට රුපියල් ලක්ෂ හතළිහක් ඔවුන් විසින් වංචා කර ඇති බවයි. 

අනුරාධපුරයේ නිධානයකින් හමු වූ රන් කාසි බව කියා මෙම කාසි කිලෝවක් රුපියල් ලක්ෂ විසිපහක් බැගින් විකිණීමට ක්‍රිකට් තරුව සමග කතා කරගෙන ඇති අතර පසුව රන් කාසි කිලෝ දෙකක් රුපියල් ලක්ෂ හතළිහකට දීමට එකඟ කරවා ගෙන කොළඹදී ගනුදෙනුව කර තිබෙනවා. ජාවාරම්කරුවන් ඇස්බැන්දුමක් කරමින් රන් ආලේපිත තඹ කාසි අතරේ රන් කාසි තබා මෙම ගනුදෙනුව කර ඇති බවයි අනාවරණය කරගෙන තිබෙන්නේ. 

මෙම ජාවාරම්කරුවන්ට තමන් හසු වූ බව දැනගත්තද ලජ්ජාව නිසා එම තරුව මේ පිළිබඳ කිසිදු පොලිස් ස්ථානයකට පැමිණිලි කර නැතැයි වාර්තාවනවා. 

මෙම මරංචි ජාවාරම්කරුවන් සංවිධානාත්මකව කාලයක් තිස්සේ මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවත් රේගු නිෂ්කාෂණ කරන නිලධාරියකුගෙන්ද මේ අයුරින්ම රුපියල් ලක්ෂ හතළිහක් ලබාගෙන ඇති බවත් විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu